April 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පක්ෂ වෙනුවෙන්, චරිත වෙනුවෙන් නොමිලේ කැපකිරීම් කිරීමෙන් වලකින්න !

1 min read

ජ.වි.පෙ. පැත්තෙන් අහන ප්‍රශ්නයක් තමා “ඇයි ලාල්ට ගෙවල් හදන්ට බැරිද ?” කියන ප්‍රශ්නය. මම කියන්නෙ පුළුවන්, හැබැයි මීට අවුරුදු එකහමාරකට කලින් “පවුලගෙ පඩියෙන් ජීවත් වෙන්නෙ, කුලී ගෙදරක ඉන්නෙ” වගේ කතා කිය කිය හිටිය කෙනෙක් ඇමතිකමක් අරන් අවුරුදු එකහමාරකින් ඉහල සමාජ තත්වය පිළිබිඹු කරන පියානෝ, වායුසමනය යන්ත්‍ර, ලක්ෂ ගණන්වල සෝෆා සෙට් සහිත සුඛෝපභෝගී ඇමති නිවසක් හිටි අඩියේ ගොඩ නැගුවේ කෙසේද යන්නෙහි යම් කුකුසක් තිබේ.


මෙහිදී මහින්දානන්ද, කෙහෙළිය යන අය නිර්ධන පන්තියේ ලාල්ගෙන් වෙනස් වන්නේ කෙසේද යන ගැටලුව ද ජනතාවට සම්මුඛවේ.. මට දැනෙන විදියට ලාල් මහින්දානන්දලාගෙන් වෙනස් වන්නේ දේශපාලනයෙන් හරිහම්බ නොකිරීම නිසා නොව හම්බ කිරීමට පමාවීම නිසා පමණි.

ඒ කෙසේ වෙතත් ලංකාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුරයකට නම් බලය භාවිතාකර වංඟු ගසා හරිහම්බකරගත හැකි දෙයක් නම් නොමැත. නමුත් ඉන් එහා තනතුරු නම් බඩුම තමා. තනතුරේ බලය වැඩිවෙන්න වැඩිවෙන්න ඊට අනුලෝමව බෙනිෆිට්ස්ද වැඩිවේ. එහිදී පක්ෂය කුමක්ද යන්න අදාල නැත. වෙනස ඇත්තේ වැඩේට හුරුවීමට හා සෙට් වීමට යන කාලයේ පමණි. අවුල ඇත්තේ සමස්ත ව්‍යුහය තුළමය..

ජනප්‍රිය පුවත්  සීනි වෙනුවට හදුන්ගේ හාල්

ඒ නිසා ජ.වි.පෙ.යි, නායකයොයි අදහන පහල මට්ටම්වල ඉන්න ලබ්ධිකයන්ට නම් මට කියන්නට දෙයක් නැත.. ඒත් ඕකෙ ඉන්න සිද්දවෙන්නෙ මොකක්ද කියලා යන්තම් හරි තේරෙන එවුන්ට මට කියන්න තියෙන්නෙ උඹලා වැඩකරපල්ලා, පෝස්ටර් ගහපල්ලා, ලියපල්ලා ඔක්කොම කරපල්ලා හැබැයි ඒකෙ ගාණ ඉල්ල ගනිල්ලා කියලාය..

ලාල් අනුරාධපුරේ හැමතැනම පක්ෂ සාමාජිකයන්ගෙ ගෙවල්වලට ගිහින් කෑවට බීවට, කෙහෙල්කැන් ටික, පොල් ටික උගෙ කැබ් එකේ දාගෙන අරන් ගියාට ඌ උගෙ දානෙට උඹලට උගෙ ගෙදට්ට එන්න කිව්වෙ නෑනේද ?

ඒ තමා ගැප් එක. උඹලා දැන් ඌට පොඩි වැඩී බං ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x