April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නොරොච්චෝලේ ගල්අඟුරු වංචාව වසන් කරන්න ඇමතිගෙන් කුමන්ත්‍රණයක්? – ඩී.වී. චානක හෙළි කරයි!

1 min read

බාල ගල්අඟුරු ගෙන්වීමෙන් රටට සිදු වූ දැවැන්ත පාඩුව සහ විනාශය ජනතාවගෙන් සඟවා තැබීම සඳහා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා දින පහකට අධික කාලයක් නොරොච්චෝලේ බලාගාරයේ රැඳී සිටිමින් කුමන්ත්‍රණයක නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා චෝදනා කරයි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ බලාගාරයේ ඉහළ තනතුරුවලට පත් කර සිටින තමාගේම හිතවතුන් මාර්ගයෙන් මෙම මහා පරිමාණ වංචාවට අදාළ තොරතුරු ප්‍රසිද්ධ වීම වැළැක්වීම ඇමතිවරයාගේ ප්‍රධාන සැලසුම වී ඇති බවත්, ජනවාරි මස මුලදී වාර්තා නිකුත් වුව ද මාස තුනක් යනතුරු බලාගාරය පැත්තකවත් නොගිය ඇමතිවරයා, තමාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වූ පසු මෙලෙස බලාගාරයේ නවාතැන් ගෙන වාර්තා වෙනස් කිරීමට උත්සාහ කරන බවත්, මෙම ගල්අඟුරු වංචාව හේතුවෙන් රටේ විදුලි බලය අර්බුදයකට පත්ව ඇති අතර, මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය ජනතාවට අඳුරේ ගත කිරීමට සිදුවීමේ අවදානමක් මතුව ඇති බවත්ය. එමෙන්ම සැණකෙළි සහ උත්සව සඳහා ජෙනරේටර් භාවිත කිරීමට සිදුවීමෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බවද ඔහු පෙන්වා දෙයි.

ජනප්‍රිය පුවත්  මූල්‍ය අර්බුදය හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය බිඳ වැටෙන ලකුණු!

මාලිමා රජය මෙම ගල්අඟුරු වංචාව සිදු නොකළේ නම් රට මෙවැනි විනාශකාරී තත්ත්වයකට පත් නොවන බවත්, රජයේ ඉහළ සිට පහළටම මෙම වංචාව වසා ගැනීමට දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x