April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

‘මැද පෙරදිග යුද්ධයේ බලපෑම ලෝක ආර්ථිකයට තුන් ආකාරයකින් බලපානවා’ – IMF

1 min read

මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම ලෝක ආර්ථිකයට තුන් ආකාරයකින් බලපාන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා ප්‍රකාශ කළාය.

එම බලපෑම් අතර,

  • පළමුවැන්න ගෝලීය ඉන්ධන (තෙල් සහ ගෑස්) මිල ගණන් ඉහළ යෑමයි. මේ නිසා ගෝලීය ආර්ථිකයට උද්ධමනකාරී තත්ත්වයක් ඇතිවිය හැකිය. ආහාර සහ අනෙකුත් භාණ්ඩ සහ සේවා මිල ගණන් කෙටි කාලීනව ඉහළ යාමට ඉඩ ඇති බව ඇය පැවසුවාය.
  • දෙවනුව ගෝලීය සමාජ ආර්ථික සහ දේශපාලනික අස්ථාවරත්වය ඉහළ යෑමට බලපායි. ඉහළ ගෝලීය අවිනිශ්තිතතාවයක් පැවතීම ආයෝජන, වෙළෙඳ හා නිෂ්පාදන කටයුතු වලට අහිතකර බලපෑම් එල්ල කළ හැකි වේ. විශේෂයෙන් අවිනිශ්තතාවය හේතුවෙන් මූල්‍ය වෙළෙඳ පොළ සහ ප්‍රාග්ධන වෙළෙඳ පොලවල් බිඳ වැටීමට හේතුවේ.
  • තුන්වෙනුව වත්මන් යුද මෙහෙයුම හේතුවෙන් වෙළෙඳ, සංචාරක සහ ජාත්‍යන්තර ගමනාගමන කටයුතු අඩපණ වීමෙන් ලෝක ආර්ථික වර්ධනයට සෘණාත්මක බලපෑමක් එල්ල කරයි.

මැද පෙරදිග යුද්ධය ඉහත සඳහන් තුන් ආකාරයකට ලෝක ආර්ථිකයට බලපෑම් කරන අතර එහි තරම මූලික වශයෙන්ම තීරණය වන්නේ යුද්ධය කොතෙක් කලක් පවතීවිද යන්න මත බවත් අධ්‍යක්ෂවරිය කීවාය.

ජනප්‍රිය පුවත්  ඉරානය න්‍යෂ්ටික අවි නිපදවන බවට කිසිදු සාක්ෂියක් නොමැති බවට රුසියාවෙන් ප්‍රකාශයක්!

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x