June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එනපොට හොඳ නෑ ! බස්නාහිර ආණ්ඩුකාරයා ඉල්ලා අස් වේ !

1 min read

බස්නාහිර පළාතේ ආණ්ඩුකාර ධුරය දැරූ හනීෆ් යූසුෆ් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත අද (14) බාර දී තිබේ. පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වන බව ලිපියේ සඳහන් වුව ද, ඔහුගේ පවුලේ ආරංචි මාර්ග පවසන්නේ උත්සන්නවෙමින් පවතින ආර්ථික කඩාවැටීම සමග ඇතිවිය හැකි සමාජ පිපිරීම පිළිබඳව ඇතිව ඇති බිය මත ඔහු මෙම ඉල්ලා අස්වීම තීරණය කරන ලද බවයි.

රුපියලේ අගය අද දවස තුළ ද වේගවත්ව කඩාවැටීමට ලක්ව තිබේ. Expo Lanka Holding හි නිර්මාතෘවරයා වූ හනීෆ් යූසුෆ් ආර්ථිකයක බිඳවැටීමේ ලකුණු කල්තියා කියවා ගැනීමට දක්ෂයෙකි.

ඔහු තම පවුලේ සාමාජිකයන් සමඟ පවසා ඇත්තේ, “ගියපාරටත් වඩා දරුණු කැරැල්ලක්” ලඟදීම ඇති වන බව ය. රුපියල වේගයෙන් බිඳ වැටීමෙන් පෙන්වන්නේ බරපතල විදේශ විනිමය හිඟයකට මුහුණ දීමට සිදුවන බව පවසා ඇති ඔහු ජනාධිපතිවරයාට එයට මුහුණ දීමට කිසිදු අවබෝධයක් නොමැති බව ද පෙන්වා දී තිබේ.

ඉල්ලා අස්වීමේ ලිපිය සියතට ගෙන එය කියවා බැලූ ජනාධිපතිවරයා හනීෆ් යූසුෆ් ගෙන් ඉල්ලා ඇත්තේ තව මාස 2-3 ක් හෝ‍ තණතුරෙහි රැඳී සිටින මෙන්ය. එහෙත් එම ඉල්ලීම බස්නාහිර ආණ්ඩුකාරවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ජනප්‍රිය පුවත්  විශ්වාසභංගයට පෙර අනුර ඉල්ලා අස් නොවුණොත් බිමල් අස්වෙයි!

වත්මන් ආණ්ඩුව පිහිටුවීමත් සමඟ කන්ටේනර් 323 ක් පරීක්ෂාකිරීමකින් තොරව රට තුළට ඒමට සැලැස්වීම පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් විසින් මේ වන විට විශේෂ විමර්ශනයක් අරඹා තිබේ. එම කන්ටේනර් අතර හනීෆ් යූසුෆ් ගේ සමාගම් වලට අයත් කන්ටේනර් තොගයක් ද තිබී ඇත.

  • ජටිල වීරමුණි –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x