රුපියලේ වැලලීම !
1 min read
ඩොලරය කඩාගෙන වැටෙන විටත් තාමත් බයිලා ගහන අනුර කුමාර දිසානායක..
🔴 අද වන විට ඩොලරයට සහ යුරෝ එකකට සාපේක්ෂව රුපියල 326 සහ 380 ඉක්මවා ඇත..
එහෙත්.. බයිලා චක්‍රවර්ති අනුර කුමාර දිසානායකගෙ කටේ සවුදම නම් තවමත් අඩු වී නැත..
📕 2024 සැප්තැම්බර් 21 අනුර කුමාර දිසානායක ජනාධිපති වෙද්දි ඩොලරයෙ අගය රු 293 කි.
📕 ඉන් අවුරුද්දයි මාස 07 කට පසු ඩොලරයෙ අගය රුපියල් 326 කි.
🔴 ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමෙ ප්‍රතිශතය 11.26 කි.
📕 2024 සැප්තැම්බර් වන විට යුරෝ එකක මිළ රුපියල් 305 කි.
📕 ඉන් අවුරුද්දයි මාස 07 කට පසු යුරෝ එකක මිළ රුපියල් 380 කි
🔴 යුරෝ එකට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමෙ ප්‍රතිශතය 24.59% කි
🔴 2026 අප්‍රේල් මාසය අවසාන වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිතයේ වටිනාකමද අමෙරිකානු ඩොලර් මිලියන 222 සිට ඩොලර් මිලියන 219 දක්වා පහත වැටී ඇත.
◼️ මෙසේ දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වන්නෙ ඇයි…?
ශ්‍රී ලංකා රුපියලේ අගය පහළ යාම (අවප්‍රමාණය වීම) ප්‍රධාන වශයෙන්ම ඩොලරය/ යුරෝ සාපේක්ෂව විදේශ විනිමය වෙළඳපොළේ පවතින ඉල්ලුම සහ සැපයුම මත තීරණය වේ. මේ සඳහා බලපාන ප්‍රධාන හේතු කිහිපයක් පහත දැක්වේ:
📕 රටේ දළ නිල විදේශ සංචිත ප්‍රමාණය අඩු වීම රුපියල බාල්දු වීමට ප්‍රධානතම හේතුවක්.
⬇️ විදේශ විනිමය සංචිතයද අප්‍රේල් මාසය තුළ ඩොලර් මිලියන 6,800 සිට ඩොලර් මිලියන 6,505 දක්වා පහත වැටී ඇත.
⬇️ 2026 මාර්තු මාසය අවසානයේ ඩොලර් මිලියන 7,026ක් ලෙස වාර්තා වූ සමස්ත නිල සංචිත වත්කම් ප්‍රමාණය, අප්‍රේල් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,759ක් දක්වා පහළ ගොස් ඇත.
📕 විදේශ විනිමය සැපයුම අඩුවීම: අපනයන මගින් ලැබෙන ආදායම, සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම සහ විදේශ ප්‍රේෂණවල වල අඩු වීම නිසා රට තුළට ඩොලර් ගලා ඒම සීමා විය.
⬇️ 2026 වසරේ පළමු කාර්තුව (Q1) තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 950 ක් පමණ වන අතර, එය ගෙවුණු 2025 වසරේ පළමු කාර්තුවේ ආදායම වූ ඩොලර් බිලියන 1.05 ට සාපේක්ෂව කැපී පෙනෙන පහත වැටීමකි.
📕 ආනයන ඉල්ලුම ඉහළ යාම
ලෝක වෙළදපොලේ ඩොලර් 150 ට තිබූ ඩීසල් බැරලයක් ඩොලර් 286 බෑගින් නැව් 04 ක් මිලදී ගන්නවා වැනි ගොබ්බ තීරණ ගනිද්දී ආනයන වියදම ඉහළ නොගිහින් තියේවිද..?
📕 ණය වගකීම්: විදේශීය ණය සහ පොළී වාරික ආපසු ගෙවීමට සිදු වීම.
2026 සමස්ත වසර සඳහාම ණය සහ පොලී වාරික ගෙවීමට ඇත්තෙ ඩොලර් බිලියන 2.5 කි.
🔴 මේ කාල සීමාව ඇතුළත භාණ්ඩාගාරයෙන් සහ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ගෙවු ඩොලර් 3,200,000 කට වෙච්ච දෙයක් නැත.
📕 ජාත්‍යන්තර වෙළඳපොළේ එක්සත් ජනපද ඩොලරය/ යුරෝ ශක්තිමත් වීමත් සමඟ රුපියල දුර්වල වේ.
ඉහත සාධක සියල්ල සලකා බැලීමේදී ඩොලරය සහ යුරෝ වලට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමට මූලික හේතුව වැරදි ආර්ථික කළමනාකරණයයි.
රුපියල් වලින් භාණ්ඩාගාරය පුරවා ගැනීමට ඇති පෙරේතකමට වාහන ආනයනය සඳහා ඩොලර් බිලියන 2.6 ක් වැයකර ඇත.
2025 වසරේදී වාහන ආනයන බදු මඟින් රුපියල් බිලියන 904ක් උපයා ඇත. එය භාණ්ඩාගාරය ඉතිරි කළා යැයි කියන රුපියල් ට්‍රිලියන 1.2 න් 75% කි.
භාණ්ඩාගාරයෙ රුපියල් ඉතුරු කිරීමට ඩොලරය දංගෙඩියට යැවු මැජික් එක දැන් පැහැදිලිද..?
රටේ ඩොලර් පිටට යවමින් රුපියල් සංචිත වැඩ කර ගැනීමෙ ආදීනව 2028 වන විට මේ රටේ ජනතාවට කොළ බොක්කටම දැනෙනු ඇත. එවිට මුළු රටම ප්‍රමාද වැඩි වනු ඇත..
නිලන්ත සත්සර ගමගේ ✍️
