November 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නන්දන ලොකු විතානගෙන් පැලවත්ත හාල් !

1 min read

පසුගිය රාජපක්ෂ පාලන සමයේ මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනාවන්ට ලක් වූ ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි Onyx Group of Companies හි නිර්මාතෘ සහ සභාපති වන කෝටිපති ව්‍යාපාරික නන්දන ලොකුවිතාන නැගෙනහිර පළාත සමීපව දැවැන්ත සහල් ගබඩා පරිශ්‍රයක් ඉදිකිරීම අරඹා තිබේ. අනුරාධපුර මැදවච්චියට ආසන්නව (ඔහුගේ ගම් පළාත) මෙම සහල් ගබඩා සංකීර්ණය ඉදිකිරීමට නියමිතව ඇත.

කාලයක් මහින්ද රාජපක්ෂ පවුලේ සමීපතම අයකු ලෙස ප්‍රචාරය වී තිබූ ඔහු, ඒ නිසාම “යහපාලන” ආණ්ඩු සමයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂමේ පරීක්‍ෂණවලට හා මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පරීක්ෂණවලට ද භාජනය විය.

මේ වනවිට නන්දන ලොකුවිතාන ජනාධිපති අනුරගේ හා පැලවත්තේ සමීපතමයකු වී ඇත. පසුගිය ජනාධිපතිවරණයට ද ඔහු අති විශාල වශයෙන් අනුර කුමාරගේ ජයග්‍රහණය වෙනුවෙන් මුදල් යොදවා තිබේ. මේ වන විට ලංවා සමූහ ව්‍යාපාරය, ෆෙරන්ටිනෝ ටයර් සමාගම, ලංවා සංස්ථා සිමෙන්ති, ඩුබායි හි පිහිටි සුප්‍රකට “මැරියට්” හෝටලය ආදිය හිමිකරගෙන සිටින නන්දන ලොකුවිතාන 2025 දී පමණ රුපියල් බිලියන 14 කට අධික ආයෝජනයක් සිදුකරමින් හැටන් නැෂනල් බැංකුවේ 9.99 % ක උපායමාර්ගික කොටස් ප්‍රමාණයක් ද මිලදීගෙන ඇත.

ජනප්‍රිය පුවත්  විනිසුරු පසන් අමරසේන නීති විරෝධීයි, සදාචාර විරෝධීයි ! මේ "පිස්සා" අපිට එපා ! - ගල්කිස්ස නීතිඥ සංගමය

කෙසේ වෙතත්, ලොකුවිතාන මෙම සහල් මෝල හා බැඳුණු ව්‍යාපාරය අරඹන්නේ, පැලවත්තේ ද හවුල්කාරිත්වය සහිතව ය. ඩඩ්ලි සිරිසේන සතුව පවතින ගබඩා පහසුකම් ද ඉක්මවා යන සහල් ගබඩාවක් ඇති කර දේශීය සහල් හා අවශ්‍ය වේ නම් විදේශීය හාල් මිලට ගෙන සහල් වෙළඳපොළ තුළ බලපෑම් සහගත ව්‍යාපාරයක් බවට එය පත්කර ගැනීම ඔහුගේ අරමුණ වී තිබේ. මාසිකව ලබන ආදායමෙන් 1/3 ක් පැලවත්තට ලැබෙන පරිදී දෙපාර්ශවය අතර මේ වන විට එකඟතා ඇතිව අවසන් ය.

  • සංජීව නිවන්තුඩුව
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x