විනිසුරු පසන් අමරසේන නීති විරෝධීයි, සදාචාර විරෝධීයි ! මේ “පිස්සා” අපිට එපා ! – ගල්කිස්ස නීතිඥ සංගමය
1 min read
මේ වන විට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලෙස කටයුතු කරන, දැඩි ජ.වි.පෙ. අන්තවාදියකු හා දේවගැති අගවිනිසුරු සූරසේනගේ උමතු ගැත්තකු වූ පසන් අමරසේන, මීට පෙර ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරයකු ලෙස කටයුතු කරමින් සිටිය දී ඔහුගේ අත්තනෝමතික ක්‍රියාකලාපය පිළිබඳව ගල්කිස්ස නීතිඥ සංගමය විසින් අධිකරණ සේවා කොමිසන් සභාව වෙත යොමු කර ඇති ලිපිය අප වෙත ලැබී තිබේ.
එම ලිපිය ගල්කිස්ස නීතීඥ සංගමය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත යවා ඇත්තේ 2026 පෙබරවාරි 20 වැනිදා ය. එහි මෙසේ සඳහන්ව තිබේ.
“ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ අංක 01 මහේස්ත්‍රාත් ලෙස සේවය කරනු ලබන පසන් අමරසේන මහතාගේ අත්තනෝමතික, සදාචාර විරෝධී සහ නීති විරෝධී ක්‍රියා කලාපය හේතුවෙන් ගල්කිස්ස නීතිඥ සංගමයේ සාමාජිකයන් හට වෘත්තීය කටයුතු කරගෙන යාමේ අපහසුතාව සම්බන්ධව සංගමයේ 2026.02.17 වන දිනැති විශේෂ මහාසභා රැස්වීමේ දී සාමාජිකත්වය විසින් ඒකමතිකව ගත් තීන්දුව ප්‍රකාරව කරනු ලබන ඉල්ලීමයි.
ගල්කිස්ස අධිකරණය නීතීඥවරු සියයකට ආසන්න ප්‍රමාණයක් ස්ථීර වශයෙන් තම වෘත්තිය කටයුතු කරන රටේ පිළිගත් ඒ ශ්‍රේණියේ අධිකරණයක් වන අතර, ඉන් සාමාජිකයන් පනහකට ආසන්න ප්‍රමාණයක් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ දෙකෙහි ස්ථීර ලෙස තම වෘත්තිය කටයුතු කරයි.”
මෙම ලිපිය මගින් ගල්කිස්ස නීතිඥ සංගමය පසන් අමරසේනගේ අත්තනෝමතික, සදාචාර විරෝධී හා නීති විරෝධී ක්‍රියාකලාපය පිළිබඳව උදාහරණ සහිතව කරුණු පැහැදිලි කර දී තිබේ. නඩු විභාගයන් හි දී ඔහු දක්වන පක්ෂග්‍රාහිත්වය හා නීතිය නොසලකා හැර පක්ෂග්‍රාහීව ඔහු ලබා දෙන තීන්දු පිළිබඳව ද එහි සඳහන් කර තිබේ.
ගල්කිස්ස නීතිඥ සංගමය අවසානයේ දී පෙන්වා දී ඇත්තේ “මෙකී කාරණා සියල්ල මත අප මහාසභා රැස්වීමේ දී ගත් ඒකමතික තීරණය ප්‍රකාරව ඉහත කී පසන් අමරසේන විනිසුරු සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට නීතිඥ සංගමයක් ලෙස අප සංගමයට සහ සාමාජිකත්වයට නොහැකි බවත්, ඉහත කී පසන් අමරසේන මහතා ගල්කිස්ස මහේස්ත්‍රාත් තනතුරෙන් ඉවත්කර අප අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට සුදුසු වෙනත් වැදගත් මහේස්ත්‍රාත්වරයකු පත්කරන ලෙසත් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිමු” යනුවෙන් ය. මෙමගින් ගල්කිස්ස නීතීඥ සංගමය පෙන්වාදෙන්නේ පසන් අමරසේන කිසිදු වැදගත්බවක් නොමැති තුට්ටු දෙකේ “ජෙප්පෙක්” බවය.
මෙම ගල්කිස්ස නීතිඥ සංගමයේ සාමාජිකයන්ගෙන් බහුතරයක් පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය ලබා දී ඇත්තේ මාලිමාවට ය. මහ මැතිවරණයයේ දී ද ඔවුන්ගෙන් අති-බහුතරයක් ඡන්දය ලබා දී තිබුණේ ද මාලිමාවට ය.
ජනාධිපති අනුර කුමාර එයට කෘතවේදී වෙමින් ඔවුන්ට ලබාදුන්නේ පසන් අමරසේන වැනි තුට්ටු දෙකේ ජෙප්පන් ය.
මේ වන විට පසන් අමරසේන සියළු විනිසුරන් වෙතින් කොන් කිරීමට ලක්ව ඇතැයි අප වෙත වාර්තා වී තිබේ. මේ හේතුව මත ඔහු දේවගැති අගවිනිසුරු පිස්සු සූරසේන සමඟම, විනිසුරු තනතුරින් ඉවත්වීමට අදහස් කර ඇතැයි ද දැනගැනීමට තිබේ.
- තිළිණි ප්‍රභාෂිකා


