April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

Update – ගල් අඟුරු ටෙන්ඩරය ඉන්දියාවේ Taranjot සමාගමට ලබාදීමට කැබිනට් අනුමැතිය

1 min read

නොරොවෝලේ ලක්විජය බලාගාරය සඳහා ගල් අඟුරු සපයා ගැනීමේ හදිසි ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය වෙත ගල් අඟුරු මෙට්‍රික්ටොන් 300,000±10% (නැව්ගත කිරීම් 05 ක්) හදිසි ප්‍රසම්පාදනයක් ලෙස සපයා ගැනීම පිණිස 2026-01-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගම යටතේ ලියාපදිංචි වී සිටින ගල් අඟුරු සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 06 ක් ලැබී තිබේ.

එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව අවම ලංසුකරු වන ඉන්දියාවේ M/s. Taranjot Resources (Pvt) Ltd වෙත අදාල ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වාර්තා වන අන්දමට ඉන්දියාවේ M/s. Taranjot Resources (Pvt) Ltd සමාගමේ දේශීය නියෝජිතයා වන්නේ හේලීස් සමාගමයි.

.

ජ.වි.පෙ. දෙදරයි!

නොරොච්චෝල විදුලිය බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ගල් අඟුරු ලබාගැනීමේ දී සිදුකර ඇති බරපතළ වංචාව හේතු කොට ගෙන ජනතා විමුක්ති පෙරමුණ අභ්‍යන්තරයේ බලවත් දෙදරීමක් ඇතිවී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

ජනප්‍රිය පුවත්  C.I.D ය විමල් සොයයි

පසුගිය මාර්තු 15 දින පමණක්, මෙම බාල ගල් අඟුරු මගින් නොරොච්චෝල විදුලිය ජනන පද්ධති තුනේම උපදවා ගැනීමට හැකිව ඇත්තේ 675 MW වේ. නියමිත ප්‍රමිතියෙන් යුත් ගල් අඟුරු යෙදවූයේ නම්, එමඟින් 900 MW විදුලිය ජනීත කළ හැකිව තිබුණි. එහිදී හිඟය බවට පත්ව ඇති 222 MW ප්‍රමාණය ලබා ගැනීමට සිදුව ඇත්තේ ඩීසල් උපයෝගී කරගෙන ය. එම විදුලිය ජනනය කිරීම සඳහා ඉන්ධන ලීටර් ලක්ෂ 140ක් වැය කළ යුතුව තිබේ.. දිනකට ඉන්ධන ලීටර් ලක්ෂ 140 බැගින් විදුලිය ඉපැදවීමට වැය කිරීම මගින්, ඉන්ධන පාරිභෝගිකයාගේ ඉන්ධන පරිභෝජනය සීමා කිරීමට හේතු වී තිබේ. අද (17) පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශයක් සිදුකළ විදුලිය බල හා බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉදිරියේ දී විදුලිය කප්පාදුවක් සිදුකිරීමට සිදුවිය හැකි බවයි.

මේ අතර, ගල් අඟුරු ලබා ගැනීම සඳහා පසුගියදා සිදු කරන ලද ‘‘ස්පොට් ටෙන්ඩරය“ද හිමි කරගෙන ඇත්තේ, මෙම බාල ගල් අඟුරු ගෙන එන ලද සමාගම විසිණි. මේ වන විට ජනාධිපතිවරයාට පෞද්ගලික හිතවත් පිරිස්, අදාල ඉන්දීය සමාගමටම එම ටෙන්ඩරය ලබා දිය යුතු බවට නොරච්චෝල බලාගාරයේ සාමාන්‍යාධිකාරීවරයාට බලපෑම් සිදු කරමින් සිටී. ඒ අතර තවත් ජ.වි.පෙ. ප්‍රභලයින් පිරිසක් සාමාන්‍යාධිකාරීවරයාට බලපෑම් කරමින් ඇත්තේ අදාල ඉන්දීය සමාගමට ටෙන්ඩරය නොදිය යුතු බවටයි.

ජනප්‍රිය පුවත්  පළාත් සභා නෑ!

විදුලිය බල හා බලශක්තිය ඇමතිවරයා එම ධූරයෙන් ඉවත් කළ යුතු යැයි ජ.වි.පෙ. කණ්ඩායමක් කියා සිටි. එහෙත් ජනාධිපතිවරයා එම අදහස ප්‍රතික්ෂේප කර තිබේ. මෙම ගැටුම හේතු කොටගෙන මෑතක දී පැවති දේශපාලන මණ්ඩල රැස්වීම් දෙකකට ජනාධිපතිවරයා හිතාමතාම සහභාගී වීමෙන් වැළකී ඇත. ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයා මෙහිදී මධ්‍යස්ථ මතයක සිටිතැයි වාර්තාවේ.

මැද පෙරදිග යුදමය තත්ත්වය පෙන්වා මෙම බලශක්ති අර්බුදය සාධාරණීකරණය කළ නොහැකි බවත් නොරච්චෝල බාල ගල් අඟුරු හොරකම ඇති වී ඇති බලශක්ති අර්බුදයේ ප්‍රධාන හේතුව බවත් ජ.වි.පෙ. එක කණ්ඩායමක මතය වේ.

පසුගියදා ස්වාධීන රූපවාහිනියේ පැවැති දේශපාලන සංවාදයක් නිමා වීමෙන් පසුව එම වැඩසටහනට සහභාගී වූ අසිත නිරෝෂණ මන්ත්‍රීවරයා, ජ.වි.පෙ හැර ගිය සාමාජිකයකු වූ වරුණ රාජපක්ෂ සමඟ පුද්ගලිකව මෙම ප්‍රශ්නය ගැන අදහස් හුවමාරු කරගෙන ඇත. එහිදී අසිත මන්ත්‍රීවරයා ස්පොට් ටෙන්ඩරය නම් මෙම ඉන්දීය සමාගමට ලබාදීමට ඉඩ නොදෙන බව පවසා තිබේ. ගල් අඟ හොරකම ගැන කරුණු පෙන්වා වරුණ රාජපක්ෂ (ස.ජ.බ) හමුවේ අසිත මන්ත්‍රීවරයා පත්ව ඇත්තේ බලවත් අසරණභාවයකට ය. එය ද ජ.වි.පෙ. අභ්‍යන්තර දෙදරීම පිටට පෙන්වන ලද අවස්ථාවක් බව පැහැදිලිය.

ජනප්‍රිය පුවත්  ජනපති - බැසිල් සාකච්ඡා!

කල්‍යානි සමරජීව

සබැදි පුවත්

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x