September 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දරුවන්ගේ ඔලු කන පුනරුදේ පෙළ පොත් මෙන්න!

1 min read

ආණ්ඩුව ගෙන ඒමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වර්ෂය සඳහා වූ නව පෙළ පොත් මේ වන විට හොර රහසේම කඩිමුඩියේ සකස් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශයීය ආරංචි මාර්ග අප වෙත අවධාරණය කර සිටී.

එම ආරංචි මාර්ග පෙන්වා දෙන අන්දමට 6 සිට 11 වසර දක්වා වූ ”සෞඛ්‍ය” විෂයට අදාළ පෙළ පොත් හි කාන්තා සමරිසි, පිරිමි සමරිසි, ද්වීලිංගික හා සංක්‍රාන්ති ලිංගික (LGBTQ) ක්‍රියා පිළිබඳව හා ගබ්සාව පිළිබඳ පොළඹවන සුළු කරුණු අන්තර්ගතකර තිබේ.

බුද්ධාගම විෂය පුළුල්ව ඉගැන්වීමක් සිදු නොකළ ද 1 සිට 11 වසර දක්වා වූ ”බුද්ධාගම සහ වටිනාකම් ” නැමති පෙළ පොත් වල වෙනත් ආගමික මතවාද මිශ්‍ර කර තිබේ. එමගින් අනාගමික මනසක් දරුවන් තුළ සියුම්ව ඇති කිරීම සිදු කෙරෙන බව අපගේ ආරංචි මාර්ග පෙන්වා දේ.

6 වසර සිට 11 වසර දක්වා වන ”ඉතිහාසය” විෂයට අදාළ පෙළ පොත්වල ශ්‍රී ලංකාවේ සැබෑ ඉතිහාසය විකෘති කර දක්වා ඇති අතර, ඉතා සියුම් ලෙස ව්‍යාජ දෙමළ ඊළාම් ඉතිහාසය ඇතුළත් කර ඇත. එමෙන්ම 1 වසරේ සිට 11 වසර දක්වා වූ ”සිංහල ” විෂයට අදාළ පෙළ පොත් හි සිංහල භාෂා විරෝධී මතවාද අන්තර්ගත කර තිබේ. මීට අමතරව 1 වසරේ සිට 11 වසර දක්වා වන ”සිවිල් අධ්‍යයන” විෂයට සම්බන්ධ පෙළ පොත්හි සිංහල බෞද්ධ විරෝධී මතවාද ඇතුළත් කර ඇත.

ජනප්‍රිය පුවත්  නාමල් අල්ලන්න ''බ්‍රයිබරියෝ'', ''සිඩ්ඩෝ'' ඕස්ට්‍රේලියා යති ! නිමල් පෙරේරත් ''අසාද් මවුලානා'' වෙන්න ලෑස්තිලු !

මෙම පෙළ පොත් දරුවන්ට හඳුන්වා දීමට පෙර ප්‍රසිද්ධියේ පරික්ෂා කිරීමට සියළු බලපෑම් සහගත කණ්ඩායම් විසින් ඉල්ලා සිටිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධානියකු අප හා පැවසුවේය.

”අළුත් පොළ පොත්වල අඩංගු දේවල් දරුවන්ට නිකුත් කිරීමට පෙර හෙළි කළ හොත් ඒක ආණ්ඩුවේ බිඳ වැටීමට හේතුවක් වෙනවා. ඒ නිසා ආණ්ඩුව මේවා රහසක් ලෙස තබාගෙන ක්‍රියාකරනවා. ඒකට ඉඩ දිය යුතු නෑ! ” යනුවෙන් එම ප්‍රධානියා අවධාරණය කළේය.

කාමිනී හේවාවසම් Underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
5 Comments
Oldest
Newest Most Voted
Lakmal Mawalage
Lakmal Mawalage
10 months ago

නෙදෝකින් මෙහෙමත් ආණ්ඩුවක්

Sudesh Gamage
Sudesh Gamage
10 months ago

දැන් රට කරන්නෙත් ඔය අසහනය තියෙන වුන්නේ

subani Senani
subani Senani
10 months ago

ඇයි අනෙක් මාධ්‍ය මේවා ගැන නිහඬ?

Hasitha Vithanage
Hasitha Vithanage
10 months ago

ඕක විතරයි අපේ රටට අඩුවකට තිබ්බෙ. හික්ස්.

Rukmal Premajayantha
Rukmal Premajayantha
10 months ago

මුන් ඔය ඔක්කොම කරන්නෙ හොර රහසෙ. වැඩේ වෙනකම් කවුරුත් දන්නෙ නෑ.

5
0
Would love your thoughts, please comment.x
()
x