September 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

22 හකුළනු ! ඉන්දියාව ඉල්ලයි !

1 min read

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම හකුලාගතයුතු බව ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දැනුම්දීමට නවදිල්ලිය තීරණය කර තිබේ.

කොළඹ සිටින තම මහකොමසාරිස්වරයා මගින් එය නිල වශයෙන් දැනුම්වත් කිරීමටත්, නුදුරු දිනයක දී (සැප්තැම්බර් පළමු සතිය තුළ) ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං මහතා මගින් ඒ පිළිබඳ නවදිල්ලියේ මතය සෘජුව ප්‍රකාශ කිරීමටත් ඉන්දියාව තීරණය කර තිබේ.

මෙම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ පැවැත්මට බලවත් තර්ජනයක් ඇති කරන බවත්, එමඟින් තනි පක්ෂ ඒකාධිකාරයක් නිර්මාණයවීමේ අවදානම පවතින බවත් ඉන්දීය බලධාරින්ගේ තක්සේරුව වී තිබේ.

කොළඹ ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයේ ආරංචිමාර්ග අප හා පවසන්නේ, විපක්ෂයේ දේශපාලන නායකයන්ටත්, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානින්ටත් නිල නොවන ලෙස මේ පිළිබඳ තම රජයේ කනස්සල්ල ඉදිරිපත් කර තිබෙන බවයි.

  • තිලක් සෝමසිරි
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x