June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හෝමුස් ඔස්සේ ගමන්කරන නෞකා සම්බන්ධයෙන් ඉරානයෙන් ප්‍රකාශයක්

1 min read

හෝමුස් සමුද්‍රසන්ධිය ඔස්සේ ගමන්කරන නෞකාවලින් ගාස්තු අය නොකරන නමුත්, ඒ ඔස්සේ යාත්‍රා කිරීමේදී ලබාදෙන සේවාවට අදාළ මුදල ලබාගන්නා බව ඉරාන විදෙස් කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක එස්මයිල් බගේයි පවසා තිබේ.

මේ අතර, අමෙරිකාව සමඟ ඇතිකරගන්නා කිසිදු ගිවිසුමක් සම්බන්ධව විශ්වාසයක් තැබිය නොහැකි බවත් ගිවිසුමක් ඇතිකරගැනීමට බාධා පැමිණවීම සඳහා ඊශ්‍රායලය ගත හැකි සෑම පියවරක්ම ගනු ඇති බවත් ඔහුගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

තවද න්‍යෂ්ටික වැඩසටහන ඇතුළු මාතෘකා රැසක් පිළිබඳ දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් ඇතිකරගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබුණි.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මෙහිදී අවධානය යොමුවන කරුණු අතරට සටන්විරාමය දින 60කින් දීර්ඝ කිරීම, හෝමුස් සමුද්‍රසන්ධිය විවෘත කිරීම, මෙන්ම ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධව තවදුරටත් සාකච්ඡා කිරීම ද ඇතුළත් වෙයි.

මේ අතර, දින 30ක් තුළ හෝමුස් නැවතත් යථාවත් කිරීම මෙමගින් අපේක්ෂිත අතර, ඉරානයට කිසිසේත් න්‍යෂ්ටික අවියක් නිපදවිය නොහැකි බවත් මෙමගින් අවධාරණය කෙරෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ නමුත් ඉරානයට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීම, අවහිර කර ඇති ඉරාන වත්කම් නිදහස් කිරීම සහ ඉරානය තුළ බලගැන්වූ යුරේනියම් සංචිත අත්හැරීම වැනි කාරණා සම්බන්ධව අවසන් එකඟතාවකට පැමිණීමට තවත් කල් ගතවනු ඇති බවත් සඳහන් ය.

ජනප්‍රිය පුවත්  ඩොලර් මිලියන 2.5 හැකර් වංචාවට මහ බැංකුවේ වගකීමක් නෑ…! - මහ බැංකු අධිපති….

එමෙන්ම කලාපය යථා තත්ත්වයට පැමිණෙන තෙක් අමෙරිකානු බලඇණි එම කලාපයේ සක්‍රියව පවතිනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x