June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

IOC, Cinopec, RM Park සමාගම් තුනම ඉන්ධන සැපයුම සීමා කරයි!

1 min read

මෙරට ඉන්ධන අලෙවි කරන පුද්ගලික සමාගම් තුනම ඉන්ධන පිරවුම්හල් සඳහා මේ වන විට නිකුත් කරනු ලබන්නේ දෛනික අවශ්‍යතාවයට සරිලන ප්‍රමාණය පමණක් බව ලංකා කනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. සාමාන්‍ය ක්‍රමවේදය යටතේ පිරවුම්හලක දෛනික අවශ්‍යතාවයෙන් 150% ක තොගයක් පවත්වාගෙන යා යුතු වුවද, පවතින තත්ත්වය මත සයිනොපෙක්, ලංකා අයි.ඕ.සී, ආර්.එම්. පාර්ක් යන සමාගම් තුනම පිරවුම්හල් වෙතඉන්ධන නිකුත් කිරීමේදී මෙම සීමිත ක්‍රමවේදය අනුගමනය කරන බව එම සංගමය සාමාජික ශාන්න සිල්වා මහතා පැවසීය.

බෙදාහැරීමේ ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි සිදුවන අතර දෛනික අවශ්‍යතාවය සඳහා අවශ්‍ය ඉන්ධන නිකුත් කෙරේ. කෙසේ වෙතත්, පිරවුම්හල් තුළ අතිරික්ත තොග නොමැති වීම හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය කරන ටැංකි රථ පැමිණීම සුළු වශයෙන් හෝ ප‍්‍රමාද වුවහොත්, අදාළ පිරවුම්හල්වල ඉන්ධන අවසන් වීමේ ප්‍රවණතාවයක් පවතින බව එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x