June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හර්ෂ මුලින් ගියදෙන්… ඊටපස්සෙ මාව නැතිවම බැරිවෙනවා…?

1 min read

ආණ්ඩුව මේ දවස්වල විපක්ෂයේ එක එක කට්ටිය බාගන්න මුට්ටිය දාන කතා එහෙන් මෙහෙන් ඇහෙනවානෙ…

ඔය අතරේ හිටපු මුදල් ඇමති කෙනෙක්ව හම්බවෙන්න ආවා ලු එයාගෙ යාළුවෙක්. මෙයා නිතරම මුණගැහෙන්න එන යාළුවෙක්.

ඉතින් ඇවිත් එක එක දේවල් කතා කරකර ඉන්න අතරේ යාළුවා එක පාරටම අර හිටපු මුදල් ඇමතිගෙන් ඇහුවා ලු,

“අර හර්ෂ මුදල් ඇමතිකමට ගන්න කතාවක් නෙ තියෙන්නෙ. ඉතින් නරකද ඔයාම ගිහින් ඕක ගත්තා නම් ?” කියලා.

හිටපු මුදල් ඇමති මරු උත්තරයක් දුන්නා ලු,

“හර්ෂ මුලින් ගියදෙන්… එයා ගිහින් ඕක බිත්තියටම හේත්තු කරගන්නවානෙ. ඊටපස්සෙ මාව නැතිවම බැරිවෙනවා…” කියලා.

මාලිමා ආණ්ඩුව මුල් කාලෙ හිටපු විදිය අනුව කීයටවත් විශ්වාස කරන්න බැරි දේවල් දැන් දැන් සිද්ධ වෙමින් යන්නේ… මාලිමා සපෝටර්ස්ලා ඒකාලෙ කිව්වා වගේ “වැඩේ යටින් යනවා… ” කියලා තමයි අපිටත් දැන් කියන්න වෙන්නෙ…

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x