June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පුවත සනාථ වේ ! වසන්තගෙන් කරදරයි, ආණ්ඩුකාරයා සමුගනී !

1 min read

පසුගිය 14 වැනිදා අපගේ ප්‍රධාන පුවත මගින් අණාවරණය කරන ලද පරිදි බස්නාහිර පලාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් තම ඉල්ලා අස්වීමේ තීරණය ගැන ඊයේ (17) මාධ්‍යයට නිවේදනයක් නිකුත් කර තිබේ.

“එනපොට හොඳ නෑ ! බස්නාහිර ආණ්ඩුකාරයා ඉල්ලා අස් වේ” යන හිසින් පල වූ එම පුවත මගින් අප හෙළි කර සිටියේ වර්ධනය වන ආර්ථික අර්බුදය විසින් දරුණු දේශපාලන ගැටුම්කාරී තත්වයක් උද්ගතවනු ඇතැයි ඔහුගේ පවුලේ සමීපතමයන් පෙන්වාදීමෙන් පසුව, තනතුරෙන් ඉල්ලා අස්වීමට ආණ්ඩුකාරයා විසින් තීරණය කරන ලද බවයි. ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත එදින (14) බාරදුන් බවත්, ජනාධිපතිවරයා විසින් තව මාස කිහිපයක් හෝ එම තනතුරෙහි රැඳී සිටින ලෙස ඔහුගෙන් ඉල්ලා සිටි බවත් අප වාර්තා කරන ලදී.

මේ වන විට හනීෆ් යූසුෆ් ගේ සමීපතම ආරංචි මාර්ග අප වෙත අණාවරණය කරනු ලැබ ඇත්තේ, අප ඉහත කී හේතුවට අමතරව තවත් හේතුවක් මෙම අස්වීම කෙරෙහි බල පා ඇති බවයි. එය නම්, වසන්ත සමරසිංහ අමාත්‍යවරයා විසින් මිලියන ගණනින් මුදල් ලබා ගැනීම සඳහා වරින් වර නොකඩවා කරනු ලබන ඉල්ලීම් ය.

ජනප්‍රිය පුවත්  කන්කසන්තුරේ වරායත් ඉන්දියාවට!

මෙම ඉල්ලීම් ගණනාවක්ම ඉටුකළ ද වසන්ත සමරසිංහගේ කරදරය නිමා නොවන බව වටහාගැනීමෙන් පසු හනීෆ් යූසුෆ් එම තත්වය ජනාධිපතිවරයාට ද පැමිණිලි කර තිබේ. එහෙත් එහි දී ජනාධිපතිවරයා මත ඵළ කර තිබෙනුයේ වසන්ත සමරසිංහ ගේ “කම්පම්” ඉල්ලීම සාධාරණීකරණය කරන පරිදි ය.

ඒ අනුව, හනීෆ් යූසුෆ් පසුව වටහාගෙන ඇත්තේ, ජනාධිපතිවරයාගේ ද අවබෝධය මත වසන්ත සමරසිංහ විසින් මෙම මිලියන ගණනින් මුදල් ලබා ගන්නා බවයි. එම අවබෝධය මත ඇති වූ බලවත් කලකිරීම ද ඔහුගේ ඉල්ලා අස්වීමේ තීරණය කෙරෙහි බලපා තිබේ.

මීට පෙර ද බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් එම තණතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඒ බව ජනාධිපතිවරයාට දැනුම්වත් කර තිබුණි. එයට හේතු වී තිබුණේ බස්නාහිර පලාතේ රැකියාව කරන සුරූපී ගුරුවරියකගේ මාරුවීමක් සිදු කර ගැනීම සඳහා අදාළ ගුරුවරිය ද සිටින අවස්ථාවක ටිල්වින් සිල්වා විසින් පැලවත්තේ සිය කාර්යාලයට ඔහුව කැඳවනු ලැබීමයි. ඒ පිළිබඳව ඔහු ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබුණේ එකී මාරුවීම දුරකථනය මගින් ඉල්ලීම් කළේනම් තමන් ඉටුකර දෙන බවයි. එසේ තිබිය දී සුරූපී ගුරුවරිය ටිල්වින් සිල්වාගේ කාර්යාල කාමරයේ රැඳී සිටින අවස්ථාවක තමන්ව එම කාර්යාලයට හදිසියේ කැඳවා අදාළ අවශ්‍යතාව පිළිබඳ පැවසීම තමන්ට කරන ලද මදි පුංචි කමක් බවයි.

ජනප්‍රිය පුවත්  බලශක්ති ඇමති ඉල්ලා අස් වේ!

එහෙත් එම අවස්ථාවේ දී ඔහුගේ හිත නිවා ඉල්ලා අස්වීමේ තීරණය ආපසු හැරවීමට ජනාධිපතිවරයාට හැකි වුණි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් යනු වත්මන් ආණ්ඩුව බලයට පැමිණි වහාම රේගුවෙන් පරීක්ෂා නොකර, රට තුළට ගෙනඒමට අවසර දුන් කන්ටේනර් 300 ට අධික ප්‍රමාණයෙන් ඔහුට අයත් expo lanka ආයතනයේ කන්ටේනර් ද වූ බවට චෝදනාවට ලක් වූ අයෙකි. එමෙන්ම, ඔහු “උන්ඩියල්” ක්‍රමයට ඩොලර් හුවමාරු කරන ව්‍යාපාරයක ද හිමිකරුවෙකි. “ෆට්ස් එයා” නැමැති ගුවන් සමාගමට ද ඔහුගේ සම්බන්ධයක් තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහු අනුර කුමාරගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් අති විශාල මුදලක් යොදවනු ලැබ ඇත.

  • රාජිත කළුපහන –
https://lankaundergroundnews.com/%e0%b6%91%e0%b6%b1%e0%b6%b4%e0%b7%9c%e0%b6%a7-%e0%b7%84%e0%b7%9c%e0%b6%b3-%e0%b6%b1%e0%b7%91-%e0%b6%b6%e0%b7%83%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f%e0%b7%84%e0%b7%92%e0%b6%bb-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a/
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x