June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සුරේෂ් සලේ වදකාගාරයක දමා මරා දැමීමට හැදූ කුමන්ත්‍රණය සත්‍යග්‍රහය නිසා වැළකුණා.. – වෛද්‍ය වසන්ත බණ්ඩාර

1 min read

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා වදකාගාරයක් තුළ මියයන තත්ත්වයට හෝ සියදිවි නසාගන්නා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කළ බවත්, එහෙත් ඔහු වෙනුවෙන් ක්‍රියාත්මක වූ සත්‍යග්‍රහය නිසා එම උත්සාහය ව්‍යර්ථ වූ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘර අයුරින් සැලකීමට විරෝධය පළ කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙසේද පැවසීය:

“ඔවුන් උත්සාහ කළේ මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාව වදකාගාරයක් තුළ මියයන තත්ත්වයට පත් කිරීමට හෝ සියදිවි නසාගන්නා තත්ත්වයට පත් කිරීමටයි. ඉතින් ඔවුන්ට ඒක කරන්න බැරි වුණා. මේ උද්ඝෝෂණය සහ සත්‍යග්‍රහය නිසා ඔවුන්ට සිද්ධ වුණා ඔහුව රෝහල් ගත කරන්න. ඒක විශාල ජයග්‍රහණයක්.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කොමිෂන් සභා වාර්තා තුනක් සහ ඇමෙරිකාවේ එෆ්.බී.අයි (FBI) වාර්තා පවා නිකුත් වෙලා තියෙනවා. මේ අන්තවාදී දෘෂ්ටිවාදය නිසා තමයි මේ අය බෝම්බ තියන්න පෙළඹුණේ. ඊට අමතරව අපේ රටේ ඔත්තු සේවාවලින් සී.අයි.ඩී (CID) එකටත්, පොලිසියටත් මේ වගේ අන්තවාදී ක්‍රියාවලියක් යනවා කියලා දැනුම් දීලා තිබුණා. නමුත් එවකට රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව මුස්ලිම් පක්ෂවල විරෝධයට ලක්වෙයි කියලා ඊට පරීක්ෂණ කරන්න ඉඩ දුන්නේ නැහැ. ඒක පාස්කු කොමිෂන් වාර්තාවේ පැහැදිලිව තියෙනවා.

ජනප්‍රිය පුවත්  ගුරුවරුන්ගේ දීමනා වැඩි කරන්න ආ ආණ්ඩුව තිබ්බ එකත් කපලා…

මේ බෝම්බකරුවන් පුහුණු කරන්න, ඔවුන්ගේ මොළ සෝදන්න ඉඩ දීලා බලාගෙන හිටපු පිරිස අතරට ශානි අබේසේකර කියන පොලිස් නිලධාරියාත් ඇතුළත්. ඔහුත් මේකට පියවර නොගෙන වෙන්න ඉඩ හැරියා. හැබැයි දැන් කරන්නේ මේ පිළිබඳව තොරතුරු ලබා දුන්න බුද්ධි නිලධාරියා (සුරේෂ් සලේ) වැරදිකරු කරලා නඩුවක් හදන එකයි.

මේක පිටුපස ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා එකක් තමයි ආරක්ෂක හමුදා මානසිකව බිඳ දැමීම. රටේ ඔත්තු සේවා ප්‍රධානියාට මේ විදිහට අයුක්ති සහගත ලෙස සලකන කොට, ඉදිරියට රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ මොන නිලධාරියාද? මේක ඩයස්පෝරාව සතුටු කරන්න වත්මන් ආණ්ඩුව කරන දුෂ්ට ක්‍රියාවලියක්.

දෙවැන්න තමයි සැබෑ මහමොළකරුවන් සැඟවීම. මේ ප්‍රහාරයට මුල් වෙච්ච ‘මාස්ටර් මයින්ඩ්’ එක තමයි ඉස්ලාමීය අන්තවාදය සහ වහබ්වාදය. මේ ආගමික අන්තවාදයට එරෙහිව මතයක් ගොඩනැඟීම වැළැක්වීම සඳහා, දැන් චෝදනාව වෙන පැත්තකට (බුද්ධි අංශ වෙත) එල්ල කරනවා.

දැන් අඩියක් පස්සට තියලා සුරේෂ් සලේ මහතාව රෝහල් ගත කළා. ඉන් පසුව නැවත ඔහුව වදකාගාරයට ගන්න ලෑස්ති වෙන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. වහාම මෙම ක්‍රියාවලිය මහේස්ත්‍රාත් අධිකරණයේ අධීක්ෂණයට යටත් කළ යුතුයි. ආණ්ඩුව නිර්දෝෂී නම් ආණ්ඩුවටත් පුළුවන් ඒ ඉල්ලීම අධිකරණයෙන් කරන්න.

ජනප්‍රිය පුවත්  හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව යාත්‍රා කිරීමට ඉරානයෙන් අවසර..

ඇතැම් කතෝලික පියතුමන්ලා දැන් වෙනම කතාවක් කියනවා. මේ කතා කරන පියවතුමන්ලා බොහොම දෙනෙක් රාජ්‍ය නොවන සංවිධාන (NGO) වලට සම්බන්ධ පිරිස්. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අයි.එස්.අයි.එස් (ISIS) අන්තවාදය වළක්වන්න සහ නැවත වින්දිතයන් ඇති නොවීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මඟින් යෝජනා 57ක් ඉදිරිපත් කළා. හැබැයි මේ පියතුමන්ලා ඒ ගැන එක වචනයක් කතා කරන්නේ නැහැ. වින්දිතයන්ට සාධාරණය ඉටු කරන්න පුළුවන් හොඳම දේ තමයි නැවත එවැනි ප්‍රහාරයක් ඇතිවීම වැළැක්වීම. ඒ වෙනුවෙන් ගෙනා යෝජනා ගැන කතා නොකරන ඔවුන්ගේ අවංකභාවය පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් තියෙනවා.”

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x