June 11, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍රගේ ප්‍රකාශය පිළිකුලෙන් හෙළා දකිනවා – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

1 min read

පාර්ලිමෙින්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ළමා අපයෝජන සැකකරුවෙකු සම්බන්ධයෙන් පැවති රැස්වීමකදී ජාතික ළමාරක්ෂක අධිකාරියට එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් චෝදනාත්මකව අදහස් දැක්වූ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු පවසන අයට එරෙහිව පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රකාරව කටයුතු කරන බව අදාළ රැස්වීමේදී පැවසුවේ යැයි බීබීසී සිංහල වෙබ් අඩවිය වාර්තා කර ඇති බවත් ඇය විසින් මෙසේ මාධ්‍යවේදීන් වෙත තොරතුරු ලබා දෙන පිරිස් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට යෝජනා කර තිබීම දැඩි පිළිකුලෙන් යුක්තව හෙළා දැකිය යුතු බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

ඇය සිය දේශපාලන ව්‍යාපාරයට කුමන අන්දමකින් හෝ සේවය කිරීම ඇගේ අයිතියක් වන නමුත් ජනතා අභිලාෂවලට පිටු පාන්නට හෝ ඒවා හෑල්ලුවට ලක්කරමින් ප්‍රජාතන්ත්‍රවාදය මිහිදන් කරන්නට ඇයට හෝ කිසිවෙකුට ඉඩ දෙන්නට අයිතීන් අගයන පුරවැසි සමාජය සූදානම් නොමැති බවත් එබැවින් මෙවැනි තත්ත්වයන්ට එරෙහිව හැකි උපරිම අන්දමේ ක්‍රියාමාර්ග ගන්නා බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x