July 29, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සූරසේන “රී-ලෝඩ්” එකට එරෙහිව රට පුරා නීතිඥයෝ කොළඹට !

1 min read

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමට සහභාගිවීම පිණිස රට පුරා නීතිඥයෝ අද පෙරවරුවේ කොළඹට රැස්වෙති.

එහි සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසුවේ ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව වැඩි කිරීමට ආණ්ඩුව ගෙන තිබෙන පියවර පිළිබඳව මෙහි දී අවධානය යොමු කරන බවය.

ඒ අනුව අද උදෑසන 11 ට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දී මෙම විශේෂ මහා සභා රැස්වීම පැවැත්වීමට නියමිතය.

මෙම හමුව කඩාකප්පල්කිරීම පිණිස ආණ්ඩුවට සම්බන්ධ නීතිඥයන් කිහිපදෙනෙකු මහා සභාවට ඇතුල්කර කලහකාරී තත්ත්වයක් ඇති කිරීමේ සූදානමක් පවතින බව ද අප වෙත වාර්තා වී තිබේ.

එම “කලබලය” හොඳින් ආවරණය කර ගැනීමේ අවශ්‍යතාව ඊයේ බේ බෘෘක් පෙදෙසේ පිහිටි “මහාරාජා” ගොඩනැගිල්ල ඉහළ මහලක දී එම ආයතනයේ මාධ්‍ය ප්‍රධානින්ට උපදෙස් දී තිබේ.

  • ජගත් කමිඳු වීරසිරි

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x