June 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සුරේෂ් සලේ රඳවා සිටි සිරමැදිරිය මානව හිමිකම් කොමිසමේ නිරීක්ෂණයට ! නිසිපරිදි වාතාශ්‍රය නොලැබීම ඇතුළු පොදු මූලික අඩුපාඩු රැසක් !

1 min read

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් භාරයේ පසුවන හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විවිධ වධ හිංසනයන්ට ලක්කර ඇති බවට ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන සිදුකරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් අද (16) දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ප්‍රකාශ ලබාගැනීම සිදුකරන බවයි.

සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී විවිධ වධ හිංසනයන්ට ලක්කර ඇති බවට ඔහුගේ ඥාතීන් විසින් මානව හිමිකම් කොමිසම වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

ලද පැමිණිල්ලට අනුව මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් විසින් සුරේෂ් සලේ මහතා රඳවා සිටි සිරමැදිරිය පිළිබඳව විශේෂ ක්ෂේත්‍ර පරීක්ෂාවක් (Special Inspection) සිදුකර ඇත. එහිදී ඔහු රඳවා තබා සිටි සාමාන්‍ය සිරමැදිරිය තුළට නිසි පරිදි වාතාශ්‍රය නොලැබීම ඇතුළු පොදු මූලික අඩුපාඩු රැසක් නිරීක්ෂණය වී තිබේ.

මේ වන විටත් සුරේෂ් සලේ මහතා රඳවා තිබූ සිරමැදිරිය ආසන්නයේ සිටි අනෙකුත් රැඳවූවන්ගෙන් මෙන්ම සිද්ධියට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන අවසන්ය.

ජනප්‍රිය පුවත්  බොරු ඉතිහාසයක් මවලා දෙමළ ඊළමට පාර කපන්න හදන්නේ! - විමල් වීරවංශ

මේ අතර, වත්මන් තත්ත්වය මත මේ වන විට රෝහල්ගත කර සිටින හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයාට ලැබෙන වෛද්‍ය පහසුකම් පිළිබඳව ද තමන් දැඩි අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් අවධාරණය කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x