November 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඔක්තෝබර් මස අවසානයේ රුපියල 6.8%කින් බාල්දු වෙයි

1 min read

මේ වසරේ ඔක්තෝබර් මස අවසානය දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 6.8කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඉකුත් සැප්තැම්බර් මාසය අවසානය වන විට, චීන මහජන බැංකුව සමග වන විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත්ව, දළ නිල සංචිත එක්සත් ජනපද ඩොලර් බිලියන 6.9ක් විය.

සැප්තැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් මිලියන 734ක් දක්වා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 5.6කින් ඉහළ ගියේය. ඒ අනුව, මේ වසරේ ජනවාරි-සැප්තැම්බර් කාලය තුළ දී සමුච්චිත ප්‍රේෂණ ඩොලර් බිලියන 6.9ක් දක්වා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 18.1කින් ඉහළ ගොස් ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x