සිසුවියට විදුහල්පති චොකලට් 18ක් කවලා
1 min read
විදුහල්පතිවරයකු විසින් චොකලට් 18ක් කැවූ බව කියන ශිෂ්‍යාවක ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. මෙලෙස රෝහල් ගතකර ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ විදුහලක ඉගෙනුම ලබන 15 හැවිරිදි ශිෂ්‍යාවක් බව පොලිසිය පවසයි. මෙම ශිෂ්‍යාවගේ 15 වන උපන් දිනයපෙරේදා (08 වැනිදා) ට යෙදී තිබී ඇති අතර එය සැමරීමට ගෙනෙන ලද රුපියල් දහයේ වටිනාකමකින් යුත් චොකලට් 18ක් විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් දැරියට කවා ඇතැයිද පැවැසේ.
එම සිදුවීමෙන් අනතුරුව ශිෂ්‍යාවට ඇති වූ අසනීප තත්ත්වයක් මත කහටරුප්ප ග්‍රාමිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.
මේ පිළිබඳව කහටරුප්ප පොලිසිය වෙත ලද පැමිණිල්ලක් මත බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, සහකාර පොලිස් අධිකාරි වේහිත දේශප්‍රිය යන නිලධාරීන්ගේ උපදෙස් මත කහටරුප්ප පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පාලිත චන්ද්‍රසේකර ඇතුළු කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර තිබේ.
