July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉරානයට ටිකක් පිස්සු – ට්‍රම්ප් කියයි

1 min read

පසුගිය අඟහරුවාදා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තුර්කියේ ඇන්කරාහි නේටෝ නායකයන්ගේ සමුළුවට සහභාගි වී සිටියදී ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඕමාන වෙරළට ඔබ්බෙන් ගමන් කළ එක්සත් ජනපද වාණිජ නෞකා තුනකට ප්‍රහාර එල්ල කළේය . එකී ප්‍රහාරවලට එක්සත් ජනපද හමුදාව ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර ජනාධිපති ට්‍රම්ප් යළිත් තුර්කියෙන් පසුගිය බදාදා එක්සත් ජනපදයට පැමිණි විගස සඳහන් කළේ ඉරානය සමග අත්සන් කළ තාවකාලික සටන් විරාමය අවසන් කරන බවය. ඉරානයේ උත්තරීතර නායකයා සේ සැලකෙන අලි කොමේනිගේ අවමංගල්‍ය උත්සවය අවසන් වනතෙක් දෙපාර්ශ්වය අතර යුද ගැටුම් ඇති නොවනු ඇතැයි විශ්වාසයක් ඇතිවුවද මෙකී ප්‍රහාර මගින් එය බිඳී ගියේය. එක් පැත්තකින් ඉරාන උත්තරීතර නායකයාගේ අවමංගල්‍ය උත්සවය එක්සත් ජනපද ජනාධිපතිවරයාට සහ ඊශ්‍රායල අගමැතිවරයාට එරෙහි වෛරය ප්‍රකාශ කරන එකක් විය. එවැනි පසුබිමක දෙපාර්ශ්වය අතර සාමකාමී අභිලාෂ බිඳ වැටීමද පුදුමයක් නොවන බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි.

එක්සත් ජනපද ජනාධිපතිවරයා සඳහන් කරන්නේ නව ගැටුම් එතරම් දුර දිග නොයන බවය. ඕනෑම දෙයක් ඉතා ඉක්මනින් අවසන් වනු ඇතැයි ඔහු සඳහන් කරයි. එක්සත් ජනපද හමුදාව ඒ සඳහා කටයුතු කරනු ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. එමගින් පැහැදිලි වනුයේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යුද ගැටුම්වලට පෙර පැවැති සේ නිදහසේ නෞකා ගමනයට ඉඩ ලැබෙන ආකාරයට අවකාශය සලසා ගැනීම නව එක්සත් ජනපද ප්‍රහාරවල ප්‍රධාන අරමුණක් විය හැකි බවය. සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය පිළිබඳ ගැටලුව දෙපාර්ශ්වය අතර බෙහෙවින් වර්ධනයවූ අයුරු අපට පසුගිය මාසවල දැකගත හැකි විය. ඉරානය අවධාරණය කරන්නේ ඕමානය සමග එකතුව සමුද්‍ර සන්ධිය කළමනාකරණය කිරීමට පියවර ගන්නා බවය. එකී කළමනාකරණ ක්‍රියාවලියේ ප්‍රධාන අංගයක් වනුයේ සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව්වලින් ගාස්තු අයකිරීමය. මෙයට එක්සත් ජනපදය එකඟතාව පළ කළේ නැත. කෙසේ වෙතත් නව ගැටුම් සමුද්‍ර සන්ධිය පදනම් කරගෙන ආරම්භ වී තිබෙන බව රහසක් නොවේ. ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන ආකාරයට එක්සත් ජනපදය ඉරානයේ උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබේ. ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන පිහිටි බුෂෙහර් සහ විදුලි බලාගාර ඇතුළු යටිතල පහසුකම් පිහිටි චබහාර් වැනි නගර ඒ අතර ප්‍රධාන තැනක් ගනී. එසේම පසුගිය කාලයේ තර්ජනය කළ ආකාරයට ඉරානයේ මුහුදු වතුරේ ලවණ ඉවත් කිරීමේ මධ්‍යස්ථාන සහ එරට ප්‍රධාන ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානයක් වන බර්ග් දූපත ද ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බව එක්සත් ජනපද ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ. මෙකී තර්ජන ගර්ජනවලට අවනත නොවන බව ඉරාන කථානායක කලිබාබ් සඳහන් කරයි. ඉරානයට එරෙහි එක්සත් ජනපද සහ ඊශ්‍රායල යුද්ධය ආරම්භ වූයේ එහි න්‍යෂ්ටික සහ මිසයිල හැකියාව විනාශ කිරීම අරමුණු කරගෙනය. ඒවා ප්‍රකාශිත අරමුණු විය. එහෙත් නව යුද ගැටුම් සමුද්‍ර සන්ධිය කේන්ද්‍රගත කර ගැනීම වෙනස්ම තත්ත්වයක් බව විචාරකයන්ගේ අදහසයි. කෙසේ වෙතත් ඉරානය වාණිජ නැව්වලට ප්‍රහාර එල්ල කිරීම නතර කළහොත් පමණක් නව ගැටුම් නතර වනු ඇතැයි එක්සත් ජනපදය සඳහන් කරයි. සමහර ඇමරිකානු ආරංචි මාර්ග අනුව නව ගැටුම් දින කිහිපයක් නොව සති කීපයක් හෝ මාසයක් දක්වා වර්ධනය විය හැකිය.

ජනප්‍රිය පුවත්  ගෑස් මිල ට විය හැකි දේ මෙන්න

“අපි ඒගොල්ලන්ට ටිකක් පහර දෙනවා. එතකොට එයාල තේරුම් ගනීවි අපි එයාල එක්ක සෙල්ලම් නොකරන බව” එක්සත් ජනපද නිලධාරියෙක් ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයකට එසේ පවසා තිබිණි.

මේ ආකාරයට රාජ්‍යතාන්ත්‍රික කටයුතු බිඳ වැටී ඉරානය වෙත හමුදා පීඩනයක් එල්ල කිරීම එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ උපාය මාර්ගය වී තිබෙන බව සඳහන් කළ හැකිය. ගැටුම් තරමක් දුර දිග යා හැකි බව පෙනෙන්නේ එක්සත් ජනපදය ඉරානයේ යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම මගිනි. මේ අතර ඉරානය කුවේට් සහ බහරේනයේ එක්සත් ජනපද කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීමෙන් පළිගෙන තිබේ. එසේ ප්‍රහාර එල්ල කරමින් ඉරානය සඳහන් කර තිබෙන්නේ සමුද්‍ර සන්ධිය පරිපාලනය කිරීමේ කටයුතුවලින් තමන් ඉවත් නොවන බවය. එහෙත් ජනාධිපති ට්‍රම්ප් වාර්තාකරුවන්ට සඳහන් කර තිබුණේ ඉරානය යළි ගිවිසුමක් ඇතිකර ගැනීම කෙරෙහි තමන් සමග කතා කළ බවය. එහෙත් ඒ පිළිබඳ ඉරානය පැත්තෙන් නිල ප්‍රතිචාරයක් දක්වා නැත.

එවැනි ගිවිසුමකට එළැඹීම සඳහා කතා කළද ඒ පිළිබඳ ට්‍රම්ප් සඳහන් කරන්නේ මෙවැන්නකි.

“ඇත්තෙන්ම එවැනි ගිවිසුමකට එළැඹීමට ඔවුන් සුදුසු ද කියා මම දන්නේ නැහැ, ඔවුන් ගිවිසුමකට ගරු කරයි ද කියා මම දන්නෙත් නැහැ. ඇත්තම කිව්වොත් ඔවුන්ට ටිකක් පිස්සු”

ජනප්‍රිය පුවත්  බන්ධනාගාර තුළ වෙඩි තැබීමේ නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල බලයක් නෑ | ගෙදර ගිහින් හොයා බලන්න ඕන.- හර්ෂණ නානායක්කාර

ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරුවා සේ සැලකෙන කථානායක මොහොමඩ් කලිබාෆ් සඳහන් කරන්නේ සමුද්‍ර සන්ධිය නැවත විවෘත කරනුයේ ටෙහෙරානයේ කොන්දේසි මත පමණක් බවය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x