සා.පෙළ ප්‍රතිඵල මෙම සති අන්තයේ
1 min read
සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මෙම සති අන්තයේ නිකුත් කිරීමට හැකි වනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවැසීය.
පාසල් හා පෞද්ගලික අයැදුම්කරුවෝ හාරලක්ෂ පනස් දහසක් පමණ මෙම විභාගයට පෙනී සිටි අතර ඔවුන්ගේ දත්ත පරිගණකගත කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙන බවත් එම ආරංචි මාර්ග කීවේය.
මේ අතර උසස් පෙළ විභාගය නියමිත පරිදි අගෝස්තු මස 10 වැනිදා ආරම්භ කිරීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන්නේ අගෝස්තු මස 9 වැනිදා ය.
