June 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

භාණ්ඩාගාරය හිස්වන ලකුණු! මෙන්න ඇත්ත!

1 min read

මෙම වසරේ ජනවාරි පළවෙනිදා වන විට රු:බි. 915 වූ භාණ්ඩාගාරයේ මුදල් ශේෂය 2 026 ජුනි 11 වැනි (බ්‍රහස්පතින්දා) දෛනික ව්‍යාපාර කටයුතු නිමා කරන විට රු:බි. 500ටත් වඩා අඩු ප්‍රමාණයකට පහත වැටී තිබේ.

පසුගිය සතියේ දී මහා භාණ්ඩාගාරය රු:බි. 140ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළ නමුත්, එයින් ඉහළ පොලියට අලෙවි වී ඇත්තේ රු:බි.71ක බිල්පත් පමණි. එය 51% ප්‍රතිශතයකි. එමෙන්ම රු:බි. 150ක භාණ්ඩාගාර බැඳුම්කර ඉදිරිපත් කරනු ලැබුවත් එයින්ද අලෙවි වී ඇත්තේ රු:බි. 92ක (61%) බැඳුම්කර පමණි.

භාණ්ඩාගාරයට අවශ්‍ය මුදල් ඉහළම පොලියට සපයා ගැනීමට දරන ලද මෙම උත්සාහයන් අපේක්ෂා කළ අන්දමින් සාර්ථක නොවීම මත මහා භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු:බි.500ටත් වඩා පහත වැටීමට හේතු වී තිබේ. භාණ්ඩාගාරයට අවශ්‍ය මුදල් භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැඳුම්කර හරහා ලබා ගැනීම අසාර්ථක වී ඇත්තේ 30%ද ඉක්මවන පොලී අනුපාතයක් නියම කර තිබෙන තත්ත්වයක් තුළය.

2022 ජනවාරි මස 8.63% ද, පෙබරවාරි මස 9.05%ක් ද, මාර්තු මස 13.83%ක් ද වූ භාණ්ඩාගාර බිල්පත්වල පොලිය 2022 අප්‍රේල් මස 23.53% ක් දක්වා ද 2022 සැප්තැම්බර් මස 31% දක්වාද ඉහල දැමුණි. එම වසරේ ඔක්තෝබර් මස නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත්වල පොලිය අනුපාතය වූයේ 32.33% කි. වර්ධනය වෙමින් පවතින මෙම අර්බුදකාරී තත්ත්වය තුළ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර සඳහා වූ පොලිය අධික ලෙස ඉහළ දැමීමට සිදුවනු ඇත.

ජනප්‍රිය පුවත්  අනුරගේ කතාවෙන් ඇමරිකාව ගිනි ගනී! තානාපති කැඳවා ප්‍රශ්න කරයි!

2026 අය- වැය දිරිපත් කරන විට භාණ්ඩාගාර ශේෂය රුපියල් ට්‍රිලියනයක් හෙවත් කෝටි ලක්ෂයක් විය. නමුත් මාස 5ක් තුළ දී එය රු:බි.915.83 සිට රුපියල් රු:බි. 620 දක්වා පහත වැටිණි. පසුගිය 11වැනිදා වන විට එය රු:බි.500 සීමාවට වඩා පහත වැටීම දැඩි මූල්‍ය අවධානමක ලකුණක් වේ. මෙම තත්ත්වය ඇතිව ඇත්තේ පෙර වර්ෂවල ගෙන්වා තිබූ රු:බි. 900කට වැඩි මුදලක් වාහන ආයෝජනය කිරීම සඳහා ආයෝජනය කිරීමන් ලබාගත් බදු මුදල් ලෙස උපයා ගත් හා ආදායම් උපදවන දෙපාර්තමේන්තුවල මැදිහත්වීමෙන් 20 24 ට සාපේක්ෂව 2025 වසරේදී 40% පමණ අතිරේක රාජ ආදායමක්ද උපයාගත් වටපිටාවක ය.

එමෙන්ම, රටේ ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර ඇති රු:බි. 1719න් මේ වසරේ පළමු කාර්තුවේ දී වැය කර ඇත්තේ රු:බි.106 කි (7.5%) පමණි. 2026 ජුනි 01 දින වන විට වැය කර ඇති රු:බි. 230කි. ප්‍රතිශතයක් ලෙස 13.4%කි. ප්‍රාග්ධන වියදම් නිසි පරිදි වැය කිරීම ආර්ථිකය හැකිලීම හා මන්දගාමී වීමට දැඩිව බලපා තිබේ.

මහා භාණ්ඩාගාරයේ ශේෂය රු:බි.500කට වඩා පහත වැටී ඇත්තේ දිට්වා අරමුදල් ලෙස ලැබුණු රු:බි.10ක් ද ඇතුළත්ව ය. මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් බරපතළ මූල්‍ය අර්බුදයකට ශ්‍රී ලංකාව ගොදුරු වීම නොවැළැක්විය හැකි බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

ජනප්‍රිය පුවත්  ඉවත්වනු! යැයි කිව්වත් මාලිමාවේ නගරාධිපතිගේ දුව “බෑ”ම කියයි!බඩුත් සමග බඩු මාට්ටු!

අකිල වාස් සිරිවර්ධන

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x