සලේගෙ සෞඛ්‍ය ගැන හොයන මණ්ඩලය පල්ලියෙන් !
1 min read
මාරාන්තික උපවාසයක නිරතව සිටින විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව පරීක්ෂාකර බැලූ අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාව නොසලකා හැර, විශේෂඥ මනෝ වෛද්‍යවරුන් ඇතුළත් පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයකට ඒ පිළිබඳව පරීක්ෂා කර වාර්තාවක් සපයන ලෙස පසුගිය 10 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කළේය. එම අධිකරණය මගින්ම තීරණය කර තිබූ එම පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය නම් කර ඇත්තේ කතෝලික පල්ලිය සමඟ (කාඩිනල් සමඟ) සමීප සබඳතා පවත්වන චිත්තහරී අබේනායක වෛද්‍යවරිය විසින් බව අපගේ ආරංචි මාර්ග අණාවරණය කරයි.
“සලේව පරීක්ෂා කරන්න දාපු මනෝ වෛද්‍යවරු අතර මානසික ලෙඩෙක් !” යන හිසින් යුත් අපගේ පෙර පළ කෙරුණු පුවත මගින් අණාවරණය කරන ලද පරිදි චිත්තහරී අබේනායක නම් වෛද්‍යවරිය දැඩි ලෙස කොටි සංවිධානයට පක්ෂපාතී හා රාජ්‍ය හමුදාවන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය කාලය පුරාම මත ඵල කරනු ලැබූ තැනැත්තියකි. ඇය කතෝලික පල්ලිය සමඟ (කාඩිනල් සමඟ) සමීප සම්බන්ධතා පවත්වනු ලබන තැනැත්තියක් වේ. (කරුණාකර පෙර පුවත කියවන්න)
චිත්තහරී අබේනායකගේ පියා 1962 රාජ්‍ය විරෝධී හමුදා කුමන්ත්‍රණයට ද දායකත්වය ලබා දුන් අයෙකි. ඇය විසින් ලබා දී තිබෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාමලේඛනයේ සිටින දූල්ශිකා අමරසිංහ වාස් යන වෛද්‍යවරියද “Catholic Action” ලෙස හැඳින්වෙන කතෝලික පල්ලියේ විශේෂ බැඳියාවක් සහිත චරිතයක් වේ. ඇයගේ නම ද මෙම වෛද්‍යවරු ලයිස්තුවට එක් කර ඇත්තේ චිත්තහරී අබේනායක විසිණි. ඇය චිත්තහරීගේ අතිශය සමීප මිතුරියක් ද වේ.
මීට අමතරව, එම වෛද්‍යවරු අතර සිටින දසන්ති අක්මීමන නැමැති වෛද්‍යවරිය “මානසික වෛද්‍යවරුන්ගේ සංගමයේ” වර්තමාන සභාපතිනිය වේ. ඇය ද චිත්තහරී සහ දුල්ශිකා අමරසිංහ වාස්ගේ බලපෑමට තදින් අවනතවන වෛද්‍යවරියකි.
ඒ අනුව පෙනී යන්නේ චිත්තහරී අබේනායක වෛද්‍යවරිය දැඩි මාලිමා පාක්ෂිකාවකට අමතරව, 1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට දායක වූ පවුලක සමාජිකාවක් බවයි, කතෝලික පල්ලියේ අවශ්‍යතාව පරිදි හැසිරෙන තැනැත්තියක් වන බවත්ය. ඇය විසින් තීරණය කරන ලද පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයකින් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පිළිබඳ සැබෑ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවීම මුලාවේ වැටීමක් බව ඒ අනුව පැහැදිලි වේ.
අධිකරණය, දේශපාලන අවශ්‍යතා අනුව හැසිරවීම පිළිබඳ නරකම තත්වය අද දැක ගත හැකිව තිබේ. මෙය එක් නිදසුනක් පමණි.
- චාමර සෙනෙවිරත්න –
