June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ඉරානය වෙත ගුවන් ප්‍රහාර මාලාවක්!

1 min read

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළද, අද (8) අලුයම් කාලයේද ඊශ්‍රායල හමුදාව විසින් ඉරානය වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

ඊශ්‍රායලයේ ‘චැනල් 12’ (Channel 12) පුවත් සේවය උපුටාගමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර ඇත.

මෙම ප්‍රහාර එල්ල වී ඇත්තේ ඉරානය විසින් දිගින් දිගටම ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර එල්ල කරමින් පවතින පසුබිමකය.

මෙහිදී, ඉරානය සතු මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන ප්‍රධාන ඉලක්ක වූ බව සඳහන් වේ.

මේ අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළද, අද අලුයම මැදපෙරදිග කලාපය පුරා දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.

කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ සෞදි අරාබිය යන රටවල් පුරා අනතුරු ඇඟවීමේ සයිරන් නාද ඇසෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තම ගුවන් සීමාවට ඇතුළු වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මැඩපැවැත්වීමට කටයුතු කරන බව එම රටවල හමුදා මාධ්‍ය හරහා නිවේදනය කර ඇත.

ජනප්‍රිය පුවත්  පැලවත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදයට කුළුගෙඩි ප්‍රහාරයක්… සූරසේන තබාගෙන කෝදාගොඩ ගෙදර යවන්න සූදානම්..!

බහරේනය තම වැසියන්ට ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස උපදෙස් දී ඇති අතර, සෞදි අරාබිය සිය අල්-කර්ජ් (Al-Kharj) ප්‍රදේශයට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x