June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පාසලක සිසුන් දෙදෙනකු ගුටි ඇනගෙන සිසුවකු තවත් සිසුවකුගේ අත කපලා!

1 min read

පාසල් සිසුවෙකු විසින් තවත් සිසුවෙකුව පේපර් කටරයකින් කපා තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව දංකොටුව පොලීසිය කියයි.

ඉකුත් 06 වැනිදා දහවල් පාසල තුළදී මෙය සිදුවී ඇත.

කැපුම් තුවාල සිදුවීම හේතුවෙන් දංකොටුව – මාවතගම පදිංචිකරුවෙකු වන කේ.කවිදු නිම්සර (අවු:16) සිසුවා ප්‍රතිකාර සදහා මීගමුව මහා රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබූ සිසුවා සහ අනෙක් සිසුවා දංකොටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක එකම පන්තියේ ඉගෙණුම ලබති.මෙම සිසුන් දෙදෙනා අතර නිතර පාසලේදී ආරවුල් සිදුවී ඇති බව මූලික විමර්ශන වලදී හෙලිවී ඇත.06 වැනිදා දහවල් කාලයේදී පාසල තුළදී සිසුන් දෙදෙනා අතර ආරවුලක් හට ගෙන ඇත.එම අවස්ථාවේදී එක් සිසුවෙකු විසින් අනෙක් සිසුවාගේ අතක් පේපර් කටරයකින් කපා තුවාල සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.

දංකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x