June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

1 min read

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ උත්සාහය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය මගින් ඔවුන් සඳහන් කර ඇත්තේ රජයේ මෙම යෝජනාවට සිය බලවත් විරෝධය සහ අප්‍රසාදය පළ කරන බවය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිවෙළින් අවුරුදු 63 සහ 65 යවන සීමාව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් තවත් වසර දෙක බැගින් දීර්ඝ කිරීමට රජය ගන්නා උත්සාහය පිළිබඳව නිදහස් නීතීඥ සංගමයේ දැඩි අවධානයට යොමුව ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන් වේ.

අද වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන් 08 දෙනෙකුගේ පුරප්පාඩු පවතින බවත් මෙම පුරප්පාඩු පිරවීම ජනාධිපතිවරයා විසින් දීර්ඝ කාලයත් පුරාවට පැහැර හැර ඇති බවත් නිදහස් නීතිඥ සංගමය චෝදනා කර තිබේ.

තමා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති ව්‍යවස්ථාමය වගකීම පැහැර හැරීම ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝග යෝජනාවක් ගෙන ඒමට පාදක කරගත හැකි බරපතළ ව්‍යවස්ථාමය වගකීමක් බවද පෙන්වා දෙන එම නීතිඥ සංගමය සඳහන් කර ඇත්තේ මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු රාශියක් ගොඩගැසී ඇති බවත් යුක්තිය පසඳලීම සඳහා විශේෂයෙන් නඩු කටයුතු ඉක්මන් කිරීම සඳහා අධිකරණයන්ට යටිතල පහසුකම් සැපයීම පුළුල් කළ යුතුවා සේම විනිශ්චයකාරවරුන්ගේ පුරප්පාඩු පුරවා නඩු විභාග කිරීම්ද කඩිනම්ක කළ යුතු බවය.

ජනප්‍රිය පුවත්  ෂාන් විජයලාල් එළඹෙන 12 දක්වා රිමාන්ඩ්

කෙසේ නමුත් මෙම ක්‍රියාමාර්ගයන් අමතක කර ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය දිගු කිරීමෙන් නඩු ප්‍රමාද වීම වළක්වාලීමට නොහැකි බවද එම නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මෙලෙස කළ යුතු කරුණු තිබියදී රජය විසින් විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා කාල සීමාව දීර්ඝ කිරීමට කටයුතු කිරීම යම් යටි අරමුණක් සහිතව කරනු ලබන ක්‍රියාවක් බවට බලවත් සැකයක් මතුවන බවත් පෙන්වා දෙන ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමය සඳහන් කරනුයේ මේ තුළින්ම අධිකරණයේ ස්වාධීනතාවය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් නැගීමට මෙම ක්‍රියාව හේතුවන බවය.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,

    Please follow and like us:
    Pin Share
    Subscribe
    Notify of
    guest
    0 Comments
    Oldest
    Newest Most Voted
    0
    Would love your thoughts, please comment.x
    ()
    x