June 20, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වී ළඟ තියාගත් ගොවීන් වැරදියි….ගබඩා ඇරලා තියෙද්දි ඇයි නොදුන්නේ ..! – නි. ඇමති නාමල් කරුණාරත්න…

1 min read

වී අලෙවි මණ්ඩල ගබඩා විවෘත කර තිබියදී ඒවාට වී ලබානොදුන් ගොවීන් ද වරදක් කර ඇති බවත් වී විකුණා ගැනීමට නොහැකි බවට දැන් කෑගැසීමෙන් ඵලක් නොමැති බවත් කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

“දැන් මේ වී විකුණන්න බැහැ, රජයේ ගබඩා අරින්න කියලා කෑගහන කණ්ඩායමක් ඉන්නවා. අපිට අහන්න තියෙන දේ තමයි ඇයි ගබඩා ඇරලා තියෙද්දී ගබඩාවලට වී ගෙනල්ලා දුන්නෙ නැත්තෙ? හැබැයි දැන් බොහෝ දුරට ගොඩක් වී තියෙන්නෙ ගොවියා ළඟ නෙවෙයි. ගොවියා ළඟ වී තියාගත්තා නම් ඉතින් එයාත් වැරදියිනෙ.

ඒවා දෙන්ඩ එපායැ ගබඩා ඇරලා තියෙද්දී? ඒවා තියාගත්තෙ මොකටද? එයා තියාගත්තෙ එයාලට මොනවාහරි හැකියාවක් තියෙන හින්දානෙ? අනිත් එක මෙතන ඉන්නවා, අතරමැදි කණ්ඩායමක් වී එකතුකර ගත්තු ගොවියාගෙන්. සමහර විට දෙක පහට වී ටික අරගෙන වැඩි ගාණට විකුණන්න වී එක්රැස් කරගත්තු කණ්ඩායම් ඉන්න පුළුවන්. අන්න ඒ අය මේ වෙලාවෙ ප්‍රශ්නෙකට මුහුණ දීලා තියෙන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රශ්නෙටත් අපි ඇහුම්කන් දෙන්න ඕනෙ, ඒක වෙනම අපි කතා කරමු.”

ජනප්‍රිය පුවත්  ට්‍රම්ප්ගේ ඉරාන යුධ මෙහෙයුම නතර කිරීමට ඇමරිකානු සෙනට් මණ්ඩලයේ අනුමැතිය

නි. ඇමති නාමල් කරුණාරත්න මේ බව පැවසුවේ ඊයේ (18) පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x