June 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රවී ශානි පත් කළේ කාදිනල්ගේ ඉල්ලීමකට නෙමෙයි… ඇමති බිමල් රත්නායක අංශක 180ක් ආපසු හැරෙයි…!

1 min read

රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර නැවත තනතුරුවලට පත් කරන ලෙස කාදිනල්තුමා තමාගෙන් ඉල්ලා නොසිටි බව අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කරයි.

පාස්කු ප්‍රහාර විමර්ශන සිදුකළ නිලධාරීන් එම ප්‍රහාරය එල්ල කළ බව විශ්වාස කරන රාජපක්ෂ පාලනය විසින් පසු කලක ඉන් ඉවත් කළ බවත් ඔවුන්ද පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

පාස්කු ප්‍රහාර වින්දිතයන් සහ ඔවුන්ගේ සංවිධානද පොදුවේ රටක් වශයෙන් එම නිලධාරීන් නැවත පත්කරන ලෙස ඉල්ලා සිටි බවද බිමල් රත්නායක අවධාරණය කරයි.

පාස්කු ප්‍රහාර විමර්ශන සඳහා රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර නැවත පත්කළේ කාදිනල්තුමා ඇතුළු කතෝලික සභාවේ ඉල්ලීමක් අනුව බවට ඇමතිවරයා පසුගිය වසරේ ජුලි 09 වෙනිදා සිදුකළ ප්‍රකාශය ඊයේ සිරිල් ගාමිණී පියතුමා ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ මාධ්‍ය කළ විමසුමට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව කීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x