August 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වී වගාවට වඩා බඩ ඉරිඟු වවන එක ලාබයි.. “ගොවියා රජෙක්” කිව්වට තවමත් දුප්පත්.. – ලාල් කාන්ත

1 min read

රජය නියම කළ සහතික මිලට වී මිලදී ගැනීමට එකඟ වී සහනදායී ණය පහසුකම් ලබාගෙන, පසුව එම පොරොන්දු කඩකරන පෞද්ගලික මෝල් හිමියන් අසාදු ලේඛනගත (Blacklist) කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා පවසයි. ගොවි සංගම් නියෝජිතයන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

වී අලෙවි මණ්ඩලය සතු ගබඩා පහසුකම් සීමිත බැවින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට පෞද්ගලික අංශය වෙත ‘ඔඩපන ණය’ ලබා දීමට රජය කටයුතු කර තිබේ. කෙසේ වෙතත්, මෙලෙස රජයේ සහන ලබාගන්නා ඇතැම් මෝල් හිමියන් නියමිත සහතික මිලට වඩා අඩු මිලකට ගොවීන්ගෙන් වී මිලදී ගන්නා බවට තොරතුරු වාර්තා වී ඇතැයි පැවසූ අමාත්‍යවරයා, එවැනි අත්තනෝමතික ව්‍යාපාරිකයන්ට ඉදිරියේදී රජය සමඟ කිසිදු ගනුදෙනුවක් කිරීමට ඉඩ නොතබන බවට අනතුරු ඇඟවීය.

රජයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිය වන්නේ අතරමැදියන්ගේ සූරාකෑම්වලින් ගොවියා මෙන්ම පාරිභෝගිකයාද ආරක්ෂා කරමින් ගොවියාට හිමි සාධාරණ ප්‍රතිලාභය ලබාදීමයි. “ගොවියා රජෙක්” යැයි පැවසුවද ඔවුන් තවමත් දිළිඳුකමින් පෙළීම කනගාටුවට කරුණක් බවත්, එම තත්ත්වය වෙනස් කිරීම රජයේ ප්‍රධාන අරමුණ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනප්‍රිය පුවත්  නොරොච්චෝල බලාගාරයෙන් විශාල කළු දුමාරයක්! බාල ගල් අඟුරු නිසා බවට චෝදනා!

එමෙන්ම වී වගාවට සාපේක්ෂව බඩ ඉරිඟු වගාවෙන් අක්කරයකට ලැබෙන ආදායම වැඩි බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ වන විට බඩ ඉරිඟු මෙරට දෙවන ප්‍රධාන බෝගය බවට පත්ව ඇති බවද සඳහන් කළේය

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x