ඇමරිකාවේ නව සම්බාධකවලට චීනයෙන් දැඩි විරෝධයක්..
1 min read
විදේශයන්හි නිෂ්පාදිත විදුලිබල ඉන්වටර් සහ අධිතාක්ෂණික රොබෝ උපකරණ ඇමරිකානු සම්බාධක ලැයිස්තුවට ඇතුළත් කිරීමට ඇමරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිසම (FCC) පියවර ගෙන ඇති අතර, මෙම නව තීරණයත් සමඟ අදාළ නිෂ්පාදනයන් ඇමරිකානු වෙළඳපොළට අලෙවි කිරීම සඳහා අනුමැතිය හිමි නොවේ.
ඇමරිකාවේ මෙම පියවර සාධාරණ නොවන අතර, එය සෘජුවම චීන සමාගම් සහ නිෂ්පාදන ඉලක්ක කරගනිමින් සිදුකළ එකක් බව පවසමින් චීන වාණිජ අමාත්‍යාංශය ඊට දැඩි විරෝධය පළ කර සිටියි.
මෙවැනි උපකරණ වෙළඳාමෙන් දෙපාර්ශ්වයටම වාසි සැලසෙන බැවින් පනවා ඇති සීමාවන් වහාම ඉවත් කරන ලෙස චීනය ඉල්ලා සිටින අතර, ඇමරිකාව අයුතු ලෙස මෙම තීරණය තවදුරටත් ක්‍රියාත්මක කළහොත් ඊට එරෙහිව සුදුසු ප්‍රතිචාර දක්වන බවටද චීනය වැඩිදුරටත් අනතුරු අඟවා සිටී.
