විශේෂ මහා සභාව “අල” කරන්න වටගලලා බැහැලම වැඩ !
1 min read
ජූලි (29) පෙරවරු 11 ට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීම අසාර්ථක කිරීම පිණිස ආණ්ඩුවේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ ප්‍රධානත්වයෙන් යුත් කුඩා කල්ලියක් මගින් එම විශේෂ මෙහෙයුම දියත් කර ඇත. ඔවුන්, එම විශේෂ මහා සභා රැස්වීමට සහභාගි වෙතැයි අදහස් කරන නීතිඥයන්ට වෙන වෙනම දුරකථන ඇමතුම් ගෙන විවිද තර්ජන හා බලපෑම් සිදු කරමින් ඇතැයි නීතිඥයෝ පවසති.
මේ අතර, ජනාධිපති නීතිඥ පට්ටම ද ඇතැම් ප්‍රවීණ නීතිඥයන්ට ලබාදෙන බව පවසා, මෙම විශේෂ මහා සභා රැස්වීමට සහභාගිවීම වලක්වාලීමට වටගල ඇතුළු නඩය වෙර දරමින් ඇතැයි ද පැවසේ.
හෙට (29) පෙරවරුවේ පැවැත්වෙන ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීම, අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක සිදුවීමෙන් පසුව ප්‍රථම වරට පවත්වනු ලබන්නකි. “මාලිමා”ව වෙනුවෙන් නීතිඥ ප්‍රජාව තුළ පෙනී සිටි නීතිඥයන් විශාල සංඛ්‍යාවක් මෙම “සූරසේන රී ලෝඩ්” ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව හෙට (29) පැවැත්වෙන නීතිඥ සංගමයේ විශේෂ මහා සභාවට සහභාගිවීමට නියමිතව තිබේ. ජාතික ජන බලවේගයේ ඉහළම නායකත්වය මණ්ඩලය නියෝජනය කරන ජනාධිපති නීතිඥ ලාල් විජේනායක පසුගියදා මාධ්‍ය හමුවකදී මෙම “සූරසේන රී ලෝඩ්” සංශෝධනයට එරෙහිව කරුණු දක්වනු ලැබුණි.
- තිවංක ගුණපාල
