June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“විජිත හේරත්ට කියනවා !” වැලිකඩ OIC යකා නටයි !

1 min read

පොලීසියේ මධ්‍යම අපරාධ පරීක්ෂණ බියුරෝවට ලද පැමිණිල්ලකට අනුව, එම අංශයෙන් අද පෙරවරුවේ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා (O.I.C.) අත් අඩංගුවට ගෙන තිබේ. ඔහු අත් අඩංගුවට ගෙන ඇත්තේ, පොලීසිය බාරයේ රඳවා තබාගෙන සිටි චීන ජාතික පිරිසකට අයත් ගුවන් ගමන් බලපත්‍ර 19 ක් ලබාදීමට රු. ලක්ෂ 3 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබීමේ චෝදනාව මතය.

මොහු අත් අඩංගුවට ගනු ලැබීමට ගිය මධ්‍යම අපරාධ විමර්ශණ කාර්යංශයේ පොලිස් නිලධාරින්ට බැන වැදී ඇති ස්ථානාධිපතිවරයා, තමන් අමාත්‍ය විජිත හේරත්ගේ මිතුරකු බවත්, විජිත හේරත්ට මේ බව කියා අදාළ පොලිස් නිලධාරින්ට දඬුවම් කරන බවත් පවසමින් තර්ජනය කර ඇත.

එම තර්ජන හමුවේ බියට පත් නොවූ පොලිස් නිලධාරින් වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාව අත් අඩංගුවට ගෙන තිබේ.

  • සජීව චාමික පෙරේරා –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x