July 29, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වාහන ආනයනය පිළිබඳ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

1 min read

මෙම ජූලි මාසය තුළදී මෙරටට වාහන ආනයනය කිරීම සැලකිය යුතු ලෙස පාලනය වී ඇති බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ආනයන හා අපනයන පනත යටතේ ඉදිරිපත් කළ රෙගුලාසි සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

තෝරාගත් වාහන කාණ්ඩ ආනයනයට අදාළව මාස තුනක කාලයක් සඳහා තීරු බදු වැඩි කිරීමට රජය පියවර ගත් බවත්, එම ක්‍රියාමාර්ගය හේතුවෙන් ජූලි මාසය තුළදී මෙම තත්ත්වය සාර්ථකව පාලනය වී ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම මාසයේ 20 වනදා සහ 21 වනදා යන දින දෙක තුළ නිකුත් කර ඇති ණයවර ලිපිවල වටිනාකම පිළිවෙලින් ඩොලර් මිලියන 1.81ක් සහ ඩොලර් මිලියන 1.19ක් වන අතර, ජූලි මාසයේ පළමු දින 21 තුළ වාහන ආනයනය වෙනුවෙන් දිනකට නිකුත් කළ ණයවර ලිපිවල සාමාන්‍ය වටිනාකම ඩොලර් මිලියන 3.5ක මට්ටමක පැවැති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x