ව්‍යාපාරිකයෝ කැළඹෙති ! නියෝජ්‍ය ඇමති හැමතැනම වටලයි !
1 min read
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීරගේ මෙහෙයවීම මත ආදායම් බදු දෙපාර්තමේන්තුව යොදා ගනිමින් ප්‍රධාන පෙලේ ව්‍යාපාරික ආයතන වැටිලීම් වර්ධනය කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා රේගුව ද ඔහු මේ සඳහා යොදාගනු ලබමින් තිබේ. පසුගියදා දේවි ජුවලර්ස්, රවී ජුවලර්ස්, අලවිදීන් ජුවලර්ස් හා උදය ජුවලර්ස් යනාදී ව්‍යාපාර රැසකට ගනුදෙනුකරුවන් සිටින අවස්ථාවේ දී කඩාපැන ඇති ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් එම ආයතන සතු ගිණුම් වාර්තා සහ පරිගණක රැගෙන ගොස් තිබේ.
පසුගිය දා “හවුස් ඔෆ් ෆැෂන්” ව්‍යාපාර ජාලයේ හිමිකරු වූ ප්‍රීති ජයවර්ධනව රේගුව විසින් රාත්‍රියේ දී ඔහුගේ නිවසට කඩාපැන රේගු තක්සේරුකරණ වංචාවක් වෙතැයි අනුමාන කරමින් සිදුකරන විමර්ශනයකට අදාළව මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
පසුව ඇති වූ හෘදයාබාධ තත්ත්වය මත ප්‍රීති ජයවර්ධන කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ. සාමාන්‍යයෙන් රේගුවට අදාල නඩු යන්නේ අධිකරණ අංක 6 ට වුවත්, එය මගහැර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රෝහලට ගෙන්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමේ නියෝගය ලබා දී තිබේ.
මෙවැනි අත්තනෝමතික ලෙස රේගුව හා ආදායම් බදු දෙපාර්තමේන්තුව යොදවාගනිමින් සිදුකරන අත්අඩංගුවට ගැනීම් හා වැටලීම් තෝරාගත් ව්‍යාපාර ඉලක්ක කර සිදුවන්නක් බව අප වෙත වාර්තා වී තිබේ.
ජනාධිපතිවරයාගේ අනුදැනුම මත මෙය මෙහෙයවනු ලබන්නේ නියෝජ්‍ය ආර්ථික සංවර්ධන ඇමැති නිසාන්ත ජයවීර ය. ඔහු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ලෙස ක්‍රියා කර ඇත්තෙකි.
එමෙන්ම ඔහු ජනාධිපති අනුර කුමාරගේ විශ්ව විද්‍යාල මිතුරෙක් වේ. මෙම බියගැන්වීම් ද ඇතුළුව සිදුකරන අත්තනෝමතික වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම මත කොළඹ ව්‍යාපාර ලෝකය බලවත් තැතිගැන්මකට පත්ව ඇත.
- රවින්ද්‍ර කල්පගේ
