April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලයිට් නිවලද බලන්න පොලිසියෙන් එයි!

1 min read

රජයේ බලශක්ති පිරිමැසුම් ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සැලකිල්ලට ගනිමින්, දිවයිනේ සියලුම පොලිස් බලප්‍රදේශවල අනවශ්‍ය ලෙස දල්වා ඇති විදුලි පහන් පිළිබඳව විධිමත් සමීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර තිබේ.

ඒ අනුව, පොලිස් වසම් තුළ ඇති වීදි ලාම්පු සහ වෙළඳ ප්‍රදර්ශන පුවරු සඳහා භාවිත කරන විදුලි බල්බ සංඛ්‍යාව නිශ්චිතව ගණනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සියලුම ස්ථානාධිපතිවරුන්ට සහ උසස් නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මීට පෙර අප්‍රේල් 02 වැනිදා ලබා දුන් නියෝගයකට අනුව පොලිස් ස්ථාන මට්ටමින් සපයා තිබූ දත්ත වාර්තාවල නිරවද්‍යතාව පිළිබඳව පොලිස්පතිවරයා සිය අප්‍රසාදය පළ කර තිබේ.

එම වාර්තා සෑහීමට පත්විය නොහැකි මට්ටමක පැවතීම හේතුවෙන්, මෙවර එක් එක් ස්ථානය වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන සවිස්තරාත්මක ලේඛනයක් ලබාදීම අනිවාර්ය කර ඇත.

ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, සිය නිත්‍ය රාජකාරිවලින් බැහැරව, විදුලි කණු සහ නාමපුවරු පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා පසුගිය දින කිහිපය පුරා නිලධාරීන් රැසක් යොදවා තිබිණි.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

ජනප්‍රිය පුවත්  කළු කුමාර දිෂ්ටියක් මට නෑ! මම ජාතික ජන බලවේගයේ කොළඹ පුරපතිනි

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x