June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රුසියන් තෙල් ආණ්ඩුව අත හරි!

1 min read

ශ්‍රී ලංකාවට පැමිණි රුසියාවේ බලශක්ති නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු දූත පිරිස අද(28) පස්වරුවේ ලංකාවෙන් පිටව යාමට නියමිතය. අපගේ ආරංචි මාර්ග කර තිබෙන අනාවරණය අනුව රුසියාවෙන් තෙල් සහ ගෑස් ලබා ගැනීමේ යෝජනාව ශ්‍රී ලංකා රජය විසින් ශූක්ෂම ලෙස බැහැර කර තිබේ. (මේ පිළිබඳ සැක පළ කරමින් අප ඊයේ පළ කළ පුවත බලන්න)

රුසියාව මෙවැනි අවස්ථාවකදී G2G හෙවත් ආණ්ඩු දෙක අතර ගිවිසුම් අත්සන් කරනුයේ තම මිත්‍ර රටවල් සමගය. විශේෂයෙන් රුසියානු ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව ”BRICS” සමුළුවට ආරාධනා කරන ලද අවස්ථාවේදී එම ආරාධනාව පිළිගෙන එයට සහාය දැක්වූ රටවලට මෙහිලා විශේෂත්වයක් හිමිවන බව පැවසේ. නමුත් ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා එම ආරාධනාව ප්‍රතික්ෂේප කළේය.

එවන් තත්ත්වයක් යටතේ රුසියානු පාර්ශවයෙන් යෝජනා කර ඇත්තේ තෙල් සහ පොහොර සැපයීම පිළිබඳව රුසියාවේ පෞද්ගලික සැපයුම්කරුවන් සමග එකඟතාවයකට එන ලෙස ය. ඊයේ සවස් කාලයේදී Zoom තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වී ඇතත් එය මුලින්ම අසාර්ථක වීී තිබේ.

ඇමරිකා එක්සත් ජනපදය විසින් දින 30ක කාලයක් සඳහා රුසියානු සම්බන්ධක ඉවත් කර ඇතත්, එම කාලය අප්‍රේල් 11න් අවසන් වේ. යම් හෙයකින් ඉන්පසුව සම්බාධක පනවනු ලැබුවහොත් එතැන් සිට ඇමරිකානු ඩොලරය අතහැර රූබල් හෝ යුවාන් යන මුදල් ඒකක මගින් පමණක් මිලදී ගැනීම සිදුවිය යුතු බව රුසියානු පාර්ශවය අවධාරණය කර තිබේ. එයට ශ්‍රී ලංකා මහ බැංකුව එකඟවී නැත. තමන් ජාත්‍යන්තරව ඇති කරගෙන තිබෙන බැඳීම් අනුව, ඇමරිකන් ඩොලරය හෝ වෙනත් යුරෝපයට අයත් මුදල් ඒකකයක් මගින් මිස රූබල හා යුවන් මගෙන් වෙළඳ ගනුදෙනු කළ නොහැකි බව මහ බැංකු අධිපතිවරයා පෙන්වා දීී තිබේ.

ජනප්‍රිය පුවත්  හරිනි සමග රැයක් පවුම් 25 ට !

මේ අතර තුර හෝමුස් සමුද්‍ර සන්ධිය කේන්ද්‍ර කරගත් නාවික ගමනාගනයට ඇතිවී තිබෙන පීඩාව මත කුලී පදනමින් හෝ නැව් සොයා ගැනීම දුෂ්කර වී තිබේ. එය ද හේතුවක් ලෙස ජනාධිපති අනුර කුමාරගේ නියෝජිතයන් හුවා දක්වා ඇත.

ඒ අනුව, කිසිදු ඵලදායී තත්ත්වයක් හිමිකර නොගෙනම රුසියානු නියෝජ්‍ය බලශක්තිය අමාත්‍යවරයා අද පස්වරුවේ දිවයිනෙන් බැහැරව යාමට නියමිතය.

ඔහුගේ ගමන සාර්ථක වූයේ නම් අනතුරුව මෙරටට පැමිණීමට සූදානමින් සිටි රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති වරයාගේ සංචාරය ද ඒ අනුව අවලංගු කෙරෙන බව කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාල ආරංචි මාර්ග පෙන්වා දේ. ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් පොහොර පිළිබඳව ඒ තරම් අවධානයක් යොමු කර නැති බවද වැඩිදුරටත් වාර්තාවේ.

අප ඊයේ පළ කළ පුවත පහතින්

තීක්ෂණ බොරළුගොඩ

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x