June 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රාජ්‍ය අනුග්‍රහයෙන් තවත් ත්‍රස්ත මෙහෙයුමක් !

1 min read

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නෝර්වේ රටවැසියෙකු වූ, LTTE ජාත්‍යන්තර ජාලයේ සමීප ක්‍රියාකරුවකු වූ නාදරාසා සරවනන් නමැත්තා, සංචාරක වීසා මත මෙරටට පැමිණ නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනයා උසිගන්වමින් තවත් අන්තවාදී ත්‍රස්ත මෙහෙයුමක් පනගන්වමින් සිටින බව වාර්තා වේ.

සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ සිටින නාදරාසා සරවනන් පසුගිය 11 වැනිදා මෙරට ඓතිහාසික ග්‍රන්ථයක් වූ “මහාවංශය” නිර්දය ලෙස හෙලා දකිමින් නැගෙනහිර විශ්ව විද්‍යාලය තුළ දේශනයක්ද පවත්වා තිබේ. මහාවංශය තුළ වන අන්තර්ගතයට පහරදෙමින් ඔහු සිදු කරනුයේ සිංහල විරෝධී ජාතිවාදයට ගිනි පිඹීම බව අපගේ ආරංචි මාර්ග අවධාරණය කරයි. (ඒ පිළිබඳව නැගෙනහිර විශ්ව විද්‍යාලය විසින් ඵළ කර තිබූ ප්‍රචාරක “පෝස්ටුව” මෙහි දක්වා ඇත.)

එමෙන්ම සංචාරක වීසා මත මෙරට රැඳී සිටින ඔහු ,සංචාරක වීසා උල්ලංඝනය කරමින්, මහාවංශ විරෝධී මතවාදය හරහා සිංහල විරෝධී ජාතිවාදී උසිගැන්වීමක නිරත වෙමින් සිටි. පසුගිය කාලය පුරාම ඔහු නැගෙනහිර පළාතේ කාත්තන්කුඩි ඇතුළු විවිද ප්‍රදේශවල පාන්දර 1 ද ඉක්මවා මුස්ලිම් තරුණයන්ට දේශන පවත්වා තිබේ. සහරාන් සතුව වූ මුස්ලිම් අන්තවාදී පිරිස ඉලක්ක කරගනිමින් සිංහල බෞද්ධයාට එරෙහි මෙම මතවාදි මෙහෙයුම ඔහු විසින් සිදු කරන අන්දම දැක්වෙන ඡායාරූප කිහිපයක් ද මේ සමඟ ඵළ කර තිබේ.

ජනප්‍රිය පුවත්  V & A මත්පැන් සමාගම ජනාධිපතිගේ යටතට !

ලේඛකයකු ලෙස තමන් හඳුන්වාගනු ලබන නාදරාසා සරවනන් සංචාරක වීසා මත රැඳී සිටින්නකුට නොකළ හැකි කටයුතු සිදුකරමින් තිබේ. දේශපාලන කටයුතුවල නියැලීම ඉන් එකක් පමණි. මෙසේ නව ත්‍රස්තවාදයක් මුස්ලිම් සමාජය තුළින් ඉපැදවීමට අදාල දේශපාලනය ඔහු කරමින් ඇත්තේ වත්මන් ආණ්ඩුවේ ද ආශිර්වාදය ඇතිවය. ඔහු ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය විදේශ ඇමති අරුන් හේමචන්ද්‍ර සමග ද සමීප සබඳතා පවත්වනු ලබයි. නියෝජ්‍ය ඇමතිවරයා සමඟ, ඔහුගේ අමාත්‍යාංශයේ දී නාදරාසා සරවනන් ගත් ඡායාරූපයක් ද මේ සමග ඵළ කර තිබේ.

ඔහු පිළිබඳව “නෝර්වේ කොටියකු නීති විරෝධීව සැරිසරයි” යන හිසින් යුතුව මීට සති 3 කට පෙර ද අප විශේෂ ප්‍රධාන වාර්තාවක් ඵළ කර තිබේ. මේ සමග එහි සම්බන්ධතාව ද දක්වා ඇත.

  • ජීවක එදිරිවීර –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x