යුද්ධය අවසන් වෙන කාලයක් කියන්න බෑ! අමෙරිකානු ආරක්ෂක ලේකම් අනතුරු අඟවයි!
1 min read
ඊශ්‍රායලය සමග එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධය සඳහා අමතර අමෙරිකානු ඩොලර් බිලියන 200ක ප්‍රතිපාදන පෙන්ටගනය කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලා සිටින අතර, මෙම ගැටුම අවසන් කිරීම සඳහා නිශ්චිත “කාලරාමුවක්” නොමැති බවට අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් අනතුරු අඟවා තිබෙනවා.
ඊයේ (19) මාධ්‍ය හමුවකදී මෙම මුදල පිළිබඳව විමසූ විට, හෙග්සෙත් එය සෘජුවම තහවුරු නොකළ නමුත් එම අගය වෙනස් විය හැකි බවට පවසා ඇති බවයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ.
“ඩොලර් බිලියන 200ක් ගැන කියනවා නම්, මම හිතන්නේ ඒ අගය වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලිවම නරක මිනිසුන් මරා දැමීමට මුදල් අවශ්‍යයි. අපි කොංග්‍රසය වෙත යන්නේ මෙතෙක් කළ දේට සහ අනාගතයේදී අපට කිරීමට සිදුවන දේ සඳහා අවශ්‍ය නිසි ප්‍රතිපාදන ලබා ගැනීමටයි.” යනුවෙනුත් ඔහු සඳහන් කර තිබුණා.
එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව ධවල මන්දිරයෙන් මෙම මුදල ඉල්ලා ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) සහ වොෂින්ටන් පෝස්ට් පුවත්පත් වාර්තා කර තිබෙනවා.
මෙය අතිවිශාල මුදලක් වන අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජූලි මාසයේ බදු කපා හැරීමේ පනත යටතේ ආරක්ෂක දෙපාර්තමේන්තුවට දැනටමත් ලැබී ඇති අමතර අරමුදල්වලට අමතරව මෙය ඉල්ලා ඇති බවයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ.
මෙම ඉල්ලීම සඳහා කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වුවද, එවැනි වියදමකට දේශපාලන සහයෝගයක් ලැබේ දැයි යන්න තවමත් අපැහැදිලි බව සඳහන්.
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
