June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තෙල් සංස්ථාවේ ණය භාණ්ඩාගාරෙට ගත්තේ අපි! -ටිල්වින්… නැහැ ඒක කළේ රනිල්! – මාධ්‍යවේදියා..

1 min read

පසුගිය රාජපක්ෂ-වික්‍රමසිංහ පාලකයන් විසින් තෙල් සංස්ථාව රුපියල් කෝටි 90 000ක් පාඩු කර ඇති බවත් එම ණය තම ආණ්ඩුව යටතේ මහා භාණ්ඩාගාරයට පවරා ගෙන ඇති බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ඉන්ධන මත බදු පනවා ඇත්තේ රජයට ලාභ ලැබීමට නොව රාජපක්ෂ-වික්‍රමසිංහ පාලකයන් සිදුකළ පාඩුව පියවා ගැනීමට බවද ඔහු අවධාරණය කරයි.

ටිල්වින් සිල්වා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) ස්වර්ණවාහිනී රතුඉර වැඩසටහනට එකතු වෙමිනි.

කෙසේ වුවද එහිදී මාධ්‍යවේදී ක්ලෝඩ් ගුරුබැබිල පෙන්වා දුන්නේ මෙම ණය මහා භාණ්ඩාගාරයට පවරා ගෙන ඇත්තේ 2023 ජුනි මස රනිල් වික්‍රමසිංහ සමයේ සිට බවත් එතැන් සිට අදාළ ණය ගෙවා ඇති බවත් වර්තමාන ආණ්ඩුව බලයට පත්වන විට ගෙවීමට තිබුණේ මිලියන 658ක් පමණක් බවත්ය.

ඊට පිළිතුරු දෙමින් ටිල්වින් සිල්වා පෙන්වා දුන්නේ කාගේ කාලයේ අදාළ ණය මුදල මහා භාණ්ඩාගාරයට පවරා ගත්තද බද්ද පනවා ඇත්තේ එම ණය පියවීමට බවයි.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x