June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මෙනින්ජයිටීස් රෝගීන් 200ක් වාර්තා වෙයි – සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය

1 min read

මේ වනවිට මෙනින්ජයිටීස් රෝගීන් 200ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වසංගත රෝග විද්‍යා අංශයේ, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය පැවසුවේ, මේ වනවිට දිස්ත්‍රික්ක 4ක රෝගීන් 50ක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවය.

මේ වනවිට රෝගීන්ගේ අඩුවීමක් පෙන්නුම් කරන අතර, එළැඹෙන වැසි සමය තුළ රෝග බෝවීමේ ප්‍රවණතාවයක් ඇති බැවින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවද වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය සඳහන් කළාය.

මේ අතර උණුකර නිවාගත් ජලය පානය කිරීම ඉතා වැදගත් බවද පැවසු වෛද්‍යවරිය, රෝගී දරුවෙකු සිටී නම් දරුවා පාසල් යැවීමෙන් වළකින ලෙස ඉල්ලා සිටියාය.

රෝගී ලක්ෂණ ඇති පුද්ගලයින් ජනතාව රැස්වන ස්ථානවල නොගොස් සිටීම වඩාත් සුදුසු බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

දෙණියායේ පාසල් සිසුන් කිහිපදෙනෙකු අතර පැතිර තිබු මෙනින්ජයිටිස් රෝගය තවත් ප්‍රදේශ කිහිපයකින්ද වාර්තා වෙමින් පවතී.

ඒ අනුව එම ව්‍යාප්තිය පාලනය සහ වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සියලුම අංශ සහ ආයතන වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ජනප්‍රිය පුවත්  ආනයන සීමා කිරීමට ආණ්ඩුව සූදානම් වෙයි…!

‍තද උණ හිසරදය, වමනය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් දෙණියාය ප්‍රදේශයේ පාසල් ළමුන් පිරිසක් පසුගිය දිනක රෝගී වීම සෞඛ්‍ය අංශවල අවධානයට ලක්වුණි.

එහිදී අනාවරණ වූයේ මෙනින්ජයිටීස් රෝගය එම දරුවන් අතර පැතිර ඇති බවය.

ඒ අනුව රෝගය පාලනය කිරීම සඳහා එම ප්‍රදේශ පාසල් කිහිපයක් දින කිහිපයකට වසා දැමුණි.

වසංගත රෝග විද්‍යා අංශය පසුගිය සිකුරාදා අනාවරණ කළේ දෙණියාය ප්‍රෙද්ශයේ පාසල් ළමුන් අතරින් වාර්තා වූ මෙම මෙනින්ජයිටීස් රෝගීන් දියතලාව, වැලිමඩ සහ රිකිල්ලගස්කඩ රෝහල්වලින්ද වැඩි වශයෙන් මේ වන විට වාර්තාවන බවය.

මෙම මෙනින්ජයිටීස් රෝගී තත්ත්වය පාසල් සහ ප්‍රජා මූලික පරිශ්‍ර ආශ්‍රිත විවිධ ප්‍රදේශ කරා ව්‍යාප්ත වෙමින් පවතින බව මේ වන විට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

එහි ව්‍යාප්තිය පාලනය සහ වැළැක්වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් සියලුම අංශ සහ ආයතන වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

මෙනින්ජයිටීස් රෝගී තත්ත්වයේ ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ උණ, හිසරදය සහ වමනයයි.

එය දින 7ක් ඇතුළත සුව අතට පත්වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ජනප්‍රිය පුවත්  අටමස්ථානාධිපතිට ඇප

ජලය සහ ආහාර මගින් මෙම රෝගී තත්ත්වය වැලඳෙන බවට හඳුනාගෙන තිබේ.

රෝගියෙකුගේ කැස්ස හෝ කිසිසුමේ දී පිටවන බිඳිති මගින් සහ සමීප ඇසුරෙන් ශ්වසන පද්ධතිය හරහා රෝගය බෝවිය හැකිය.

වෛරසයට නිරාවරණය වී දින 3 සිට 7 දක්වා කාලය තුළ රෝග ලක්ෂණ මතුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x