මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් සිව්දෙනෙක් නම් කරයි..
1 min read
මීගමුව බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් රැඳවියන් සිව් දෙනෙකු සැකකරුවන් ලෙස නම් කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහේස්ත්රාත් සිලනී පෙරේරා හමුවේ අද (27) දැනුම් දෙන ලදී.
ඒ අනුව, එම සැකකරුවන් අද (27) දිනයේදීම අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්රාත්වරිය බන්ධනාගාර අධිකාරියට නියෝග කළේ.
මෙම සිද්ධියට අදාලව සැකකරුවන් ලෙස නම්කර ඇති රැඳවියන් වන්නේ, සුපුන් මධුසංඛ හෙවත් ‘හීනටියන සුපුන්’, ෂේන් ඩිලාන් සිල්වා, අෂාන් ප්රනාන්දු හෙවත් ‘කලු මල්ලි’, සමිර සම්පත් හෙවත් ‘බබා’ නමැත්තන් ය.
