July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මීගමුව බන්ධනාගාරයේ සිදුවූයේ කුමක් ද?

1 min read

බන්ධනාගාරයේ ගේට්ටුව අසලට පොලිස් කැරළි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ඇති බවත්, බන්ධනාගාරය තුළින් නොනවත්වා වෙඩි ශබ්ද ඇසෙන බවත් අප වාර්තාකරු පැවසීය.

ඔහු සඳහන් කළේ, විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ පොලිස් නිලධාරීහු බන්ධනාගාරය තුළට ඇතුළු වූ බව ය.

ඔහු තවදුරටත් පැවසුවේ, තුවාල ලැබූ බවට නිරීක්ෂණය වන බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන ආකාරය දක්නට ලැබුණු බව ඔහු තවදුරටත් පැවසීය.

කෙසේ වෙතත්, අද (ජූලි 6) උදෑසන බීබීසී සිංහල කළ විමසීමකදී වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, ප්‍රසාද් හේමන්ත ප්‍රකාශ කළේ, ඉරිදා දිනයේ (ජූලි 5) මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සමථයකට පත්ව තිබුණු බව ය.

මේ වන විට එම ගැටුමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් 39 දෙනෙකු රෝහල්ගත කර ඇති බව ද ඔහු එම අවස්ථාවේදී පැවසීය.

රැඳවියන් අතර ඇතිවූ මත ගැටුමක් ගැටුමට හේතු වන්නට ඇතැයි සක කරන බව ඔහු තවදුරටත් සඳහන් කළේ ය.

“ගැටුමට නිලධාරීන්ගේ සම්බන්ධයක් නෑ. කාලයක් තිස්සේ ඉන්නකොට රැඳවියෝ අතර මත ගැටුම් ඇති වෙනවා. එහෙම මත ගැටුම් එක්ක තමයි මේ ගැටුම හටගෙන තියෙන්නේ.”

ජනප්‍රිය පුවත්  ඩොලරයේ අද සිදු වූ වෙනස

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ, ගැටුමෙන් බන්ධනාගාරයේ දේපළවලට සිදුව ඇති අලාභහානි සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ක්‍රියාත්මක බව ය.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවත් අද දිනයේ ඔහුට එම වාර්තාව ලැබීමට නියමිත බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර අප කළ සිදු කළ විමසීමකදී පැවසීය.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පවසන්නේ, බන්ධනාගාර තුළ පවතින අධික තදබදය මෙම ගැටුමට හේතුවක් වන්නට ඇති බවයි.

“මීගමුව බන්ධනාගාරය තුළ 600ක් 650ක් විතර දාන්න පුළුවන් තැන 2,600ක් විතර රැඳවියෝ ඉන්නවා. විශාල රැඳවියෝ ගණනකට තියෙන්නේ එක වැසිකිළියක් විතරයි,” ඔහු පැවසුවේ ය.

“මරණ සංඛ්‍යාව ඉහළ ගිහින් කියලා ආරංචියක් තියෙනවා, තව ම අපි තහවුරු කරගන්න උත්සහ කරමින් ඉන්නවා.”

මේ අතර ඊයේ දිනයේ බන්ධනාගාරය ඉදිරිපිටට විශාල ලෙස රැස්ව සිටි ඥාතීන් විසිරුවා හැරීමට පොලිසිය කටයුතු කරන අයුරු සහ රෝහල වෙත ගොස් තොරතුරු ලබා ගන්නා ලෙස ඔවුන්ට පොලිසිය විසින් පවසන අයුරුත් අපට දැකගත හැකිවිය.

“යන්න දෙන්නේ නෑ සර්… අපි ගිහින් ආවේ… අපට ඕනේ මොන වාට්ටුවල ද කියලා දැනගන්න, අපේ ළමයින්ට මොකද වෙලා තියෙන්නේ කියලා දැනගන්න. අඩු ගානේ තොරතුරක් දෙන්න කියන්නකෝ එනවුන්ස් කරලාවත් අපට හිත හදාගන්න,” එම ස්ථානයට පැමිණි එක් කාන්තාවක් පොලිස් නිලධාරීන්ට පැවසුවා ය.

ජනප්‍රිය පුවත්  ගං කොමළියන්ගේ සිනහව පහව යයි!

කෙසේ නමුත් මෙතෙක් බන්ධනාගාර රැඳවියන්ගේ තොරතුරු දැනගැනීමට ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට නොහැකි වී ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පැවසීය.

“ඊයේ රාත්‍රියේදීත් විශාල ඥාතීන් සංඛ්‍යාවක් මීගමුව බන්ධනාගාරය ඉදිරිපිටට එකතු වෙලා හිටියා තොරතුරු දැනගන්න. නමුත් ඔවුන් ඊයේ රෑ එතනින් එළවලා තියෙනවා පොලිසියෙන්.”

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x