September 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දිලීප පීරිස්, ආදිත්‍ය පටබැඳි ශ්‍රේෂ්ඨාධිකරණයට ! ලක්මාලිත් ඊළඟට !

1 min read

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් ලෙස කටයුතු කරන ලද නීතිඥ ලක්මාලි කරුණානායක ජනාධිපතිවරයා විසින් පසුගිය පළමුවැනිදා කූට හා සූක්‍ෂම මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායක සභාවේ ද අනුමැතිය ගෙන අභියාචනාධිකරණ විනිසුරු ධූරයට පත් කරන ලදී.

මෙම අනුමැතිය ලබා ගත් දිනයේ ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් 10 දෙනාගෙන් එයට පැමිණ තිබුණේ කතානායක ජගත් වික්‍රමරත්න, අමාත්‍ය බිමල් රත්නායක, සිවිල් සමාජ නියෝජිතයන් ලෙස ඔස්ටින් ප්‍රනාන්දු, මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න සහ රංජිත් ආරියරත්න යන පස්දෙනා පමණි. අනෙකුත් සාමාජිකයන් වන සිවඥානම් ශ්‍රීතරන් සහ අබුබකර් අතවුල්ලා මාර්ගගත ක්‍රමයට අදාළ සාකච්ඡාවට සහභාගි වී තිබේ. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂනායකගේ නියෝජිත නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා මෙදින රැස්වීමට සහභාගි වී නැත්තේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විභාගය දැක බලා ගැනීම පිණිස ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය වෙත ගොස් සිටිය නිසාය. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය භූතානයේ සංචාරයක නිරතව සිටින නිසා මෙයට සහභාගි වී නැත.

ව්‍යවස්ථාදායක සභාවේ මෙම තත්ත්වය අවබෝධකරගත් ජනාධිපතිවරයා ලක්මාලි කරුණානායක අභියාචනාධිකරණ විනිසුරුවරියක් ලෙස පත් කිරීමේ යෝජනාව එම සභාව හමුවට එදිනම ඉදිරිපත් කර තිබේ. මෙහිදී මාර්ගගත ක්‍රමයට අදාළ රැස්වීම සඳහා සහභාගි වූ සිවඥානම් ශ්‍රීතරන් මන්ත්‍රිවරයා මෙතරම් හදිසියේ ලක්මාලි කරුණානායක විනිසුරුවරියක් ලෙස පත්කිරීම අනුමත නොකර, ඒ ගැන සොයා බලා තීරණයක් ගැනීමට දෙසතියක කාලයක් ඉල්ලා තිබේ. පසුව ඔහුගේ අන්තර්ජාල සබඳතාව බිඳී ගොස් ඇති අතර, සහභාගි වී සිටි පිරිස ලක්මාලි කරුණානායකගේ නම අනුමත කරමින් රැස්වීමේ කටයුතු අවසන් කර ඇත.

ජනප්‍රිය පුවත්  "තව පරම්පරා 7 කට වෙන ආණ්ඩු නෑ !" - ඇමති එරංග

මෙහි හාස්‍යජනකම කාරණය වන්නේ මෙකී රැස්වීමට අදාළ ලිඛිත වාර්තාවේ සිවඥානම් ශ්‍රීතරන් මන්ත්‍රිවරයා අදාළ රැස්වීමට සහභාගි නොවූ (Absence) අයෙකු ලෙස සඳහන් කර තිබීමය.

නීතිඥ ලක්මාලි කරුණානායකව නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ලෙස පත්කරන ලද්දේ ද අනුර කුමාර ජනාධිපති ධූරයට පත් වූ පසුවය. ඇයට ජනාධිපති නීතිඥ තත්ත්වය ද පිරිනමන ලද්දේ ජනාධිපති අනුර කුමාර විසින් ය.

ජනාධිපතිවරයාගේ සැලැස්ම වී ඇත්තේ පළමුව අභියාචනාධිකරණ විනිසුරුවරියක බවට ඇය පත්කර, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින පුරප්පාඩු 4 න් 1 ක් පිරවීම සඳහා ඇය යොදා ගැනීමට ය. ලක්මාලි කරුණානායක කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ඉගෙනුම ලද ආදි ශිෂ්‍යාවක් වේ. එම පාසැල දැනටමත් රෝමානු කතෝලික සභාවේ පාලනය යටතේ පවතින පෞද්ගලික කතෝලික පාසලක් වේ. එහි 1 ශ්‍රේණිය සඳහා සිසුවියන් ඇතුළත් කර ගැනීමේ දී කතෝලික අයදුම්කරුවන් සඳහා විශේෂ ප්‍රමුඛතාවයක් හිමි වේ. ඒ සඳහා දරුවාගේ භෞතිස්ම සහතිකය හා පවුල් පොත පෙන්විය යුතුව තිබේ.

මේ අතර, ඉදිරි කාලය තුල ජනාධිපති අනුර කුමාර විසින් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිව 2025 ජුනි 19 වැනිදා ශ්‍රී ලංකා අභියාචනාධිකරණ විනිසුරුවරයකු බවට පත් කරන ලද ආදිත්‍ය පටබැඳි ද නොබෝ දිනකින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු බවට පත් කිරීමට නියමිතව ඇත. ඔහු මහාධිකරණ විනිසුරු ලෙස සිටිය දී උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය දූෂණ චෝදනා මත වසර 16 ක සිර දඬුවම නියම කරන ලද අතර, එමගින් ජනාධිපතිවරයාගේ නොමද ප්‍රසාදයට ලක් විය. යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව විභාග වන මුදල් විශුද්ධිකරණ නඩු විභාගයේ දී චූදිතයන්ට එරෙහිව විධිමත් ලෙස අධි චෝදනා බාරදීම සිදු කෙරුණේ ද විනිසුරු ආදිත්‍ය පටබැඳි ඉදිරියේ ය.

ජනප්‍රිය පුවත්  බල ගැටුම කරළියට!

ඒ අතරම, මීළඟ නීතිපතිවරයා බවට පත්වීමේ අදහසින් ජනාධිපතිවරයාගේ ප්‍රසාදය දිනා සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පිරිස්ව ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු බවට පත් කිරීම ගැන ද මේ වන විට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබේ. ඔහුටද ජනාධිපති නීතිඥ තත්ත්වය ලබා දුන්නේ 2024 දෙසැම්බර් මාසයේ දී ජනාධිපති අනුර කුමාර විසිනි.

ජනාධිපති නීතිඥ දිලීප පිරිස් ද අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ ය. එය ද ක්‍රිස්තියානි / ඇංග්ලිකන් පාසැලක් වේ. ලංකා සභාව (Church of Ceylon) මගින් පාලනය වන එය පෞද්ගලික ක්‍රිස්තියානි පාසැලක් ලෙස සැලකේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ වන පුරප්පාඩු කඩිනමින් තමන්ට පූර්ණ පක්ෂපාතී පුද්ගලයන් මගින් පුරවා, 22 වැනි සංශෝධනයෙන් සම්මත කර ගැනීමෙන් පසු විපක්ෂයේ දේශපාලඥයන් 40 – 50 අතර පිරිසක් සිරගත කිරීම ජනාධිපතිවරයාගේ සැලසුම වී තිබේ.

නීති ක්ෂේත්‍රය තුල මේ තත්ත්වය ගැන සාකච්ඡා වන්නේ උසාවිය පැලවත්තකරණයට ලක් කිරීම ලෙසය.

  • දුලාර සම්පත් ගුණතිලක

දිලීප පීරිස් හා ලක්මාලි කරුණානායක

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x