ජනාධිපතිගේ රැළිය 5 ! 4 වැනි දා නාමල් හිරේට !
1 min read
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත 4 වැනිදා පෙරවරු 9.30 ට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා එම කොමිෂම හමුවට පැමිණෙන ලෙස ලිඛිතව දැනුම් දී ඇත්තේ පසුගිය 2 වැනිදා ය. එම දැනුම් දීම ලැබීමෙන් පසුව, එම දිනය වෙනුවට වෙනත් දිනයක් ලබාදෙන මෙන් ඉල්ලා මන්ත්‍රිවරයා විසින් එම කොමිෂම වෙතින් ලිඛිතව ඉල්ලා තිබේ. එම ලිපිය ලද වහාම, අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක අත්සන් තබා නැවත ලිපියක් මන්ත්‍රිවරයා වෙත යොමු කර තිබේ. එහි සඳහන් කර ඇත්තේ පෙර ලිපියෙන් දන්වන ලද දිනය වූ 4 වැනිදාම පැමිණිය යුතු බවය. එසේ නොවන්නේනම්, නීතියට අනුව ක්‍රියා කරන බවය.
4 වැනිදාම තමන් ප්‍රකාශයක් සඳහා ගෙන්වා ගැනීමට මෙතරම් උත්සාහ දරන්නේ ඇයිදැයි සොයා බැලූ විට නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා වෙත වාර්තා වී ඇත්තේ, එදින ප්‍රකාශය ගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුනුවා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට සියල්ල සැලසුම් කර තිබෙන බවය. එයාර් බස් ගණුදෙනුවට අදාළව, විමර්ශකයන් විසින් ඔස්ට්‍රේලියාවට ගොස් එහි සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා වෙතින් ලබා ගත් කට උත්තරය අනුව, නාමල් රාජපක්ෂ වෙතින් ප්‍රශ්න කිරීම මෙහිදී සිදුකිරීමට නියමිතව ඇත.
කෙසේ වෙතත්, මේ සඳහා 4 වැනිදාම යොදාගෙන ඇත්තේ, 4 වැනිදා නාමල් රාජපක්ෂ රිමන්ඩ් බන්ධනාගාරගතකර, ජනාධිපති අනුර කුමාරට 5 වැනි දා සිට ඇරඹෙන රැස්වීම්වල ඒ පිළිබඳ උදම් ඇනීම පිණිසය.
රටක ජනාධිපතිවරයකුගේ වේදිකා කතාවකට අවශ්‍ය අමුද්‍රව්‍යයක් ලෙස විපක්ෂයේ මන්ත්‍රිවරු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට තරම් ජනපති අනුර කුමාර පහත් ඉරණමකට ඇද වැටී තිබීම ගැන අල්ලස් කොමිෂමේ නිලධාරිහු ද විමතිය ඵල කර ඇත.
- මනෝජ් විජේසිරි
