September 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“බෝර්න්-අගේන්” උසාවිය නටවයි ! මුසාමිල්ගේ පුතා නිදහස්වුනේ මෙහෙමයි !

1 min read

කොළඹ ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘතියකට අදාළව කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට තිබූ රුපියල් ලක්ෂ 360 කට (මිලියන 36 කට) ආසන්න මුදලක් වංචා සහගත ලෙස නොගෙවීම සහ විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙනු චෝදනා මත කොළඹ හිටපු නගරාධිපති සහ හිටපු ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්ගේ වැඩිමහල් පුත්‍රයා වූ මොහොමඩ් හිෂාම් ජමල්දීන් ඊයේ ආගමන විගමන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය. එසේ අත්අඩංගුවට ගනු ලැබුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) සහ මූල්‍ය අපරාධ විමර්ශන අංශය මගින් ඔහුට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවා තිබීම හේතුකොටගෙනය.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව මොහොමඩ් හිෂාම් ජමල්දීන් වෙතින් අදාල වංචාව පිළිබඳව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. එහිදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත්ව ඇති කරුණු සලකා බලා චූදිත මොහොමඩ් හිෂාම් ජමල්දීන්ව සැප්තැම්බර් 7 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත. මුලින් එසේ නියෝග කලද, පසුව එම නඩුව නැවත කැඳවූ මාලිගාකන්ද මහේස්ත්‍රාත් තම බන්ධනාගාරගත කිරීමේ තීන්දුව අවලංගු කර මොහොමඩ් හිෂාම් ජමල්දීන්ව මුදාහරින ලද අතර ඔහුට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම ද ඉවත් කර තිබේ.

ජනප්‍රිය පුවත්  රංගගේ බාප්පා මිනීමරුවෙක් ! නීතිය නවා දඬුවම දිය කළ හැටි මෙන්න

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මේ අරුම පුදුම තීරණ වෙනසට භාජනය වූයේ, තිරයෙන් පිටුපස දියත් වූ බලගතු මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසය. එම මෙහෙයුම දියත් කරන ලද්දේ ජනාධිපතිවරයාගේ උපදේශකයකු වූ “බෝර්න් අගේන්” ආගමික බැතිමතකු වන ක්‍රිෂාන්ත කුරේ හරහා ය. මොහොමඩ් හිෂාම් ජමල්දීන් මෙන්ම, ඔහුගේ පියා වන ඒ.ජේ.එම්. මුසම්මිල් ජනාධිපතිවරයාගේ සහ ක්‍රිෂාන්ත කුරේගේ සමීපතම හිතවතුන් වේ. කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට අසීරු තත්ත්වයක් ඇතිව තිබිය දී ඒ සඳහා උදවු කළේ ද ඒ.ජේ.එම්. මුසම්මිල් ය.

මේ හිතවත්කම මත, ජනාධිපතිවරයාගේ ද අවබෝධය සහිතව ක්‍රිෂාන්ත කුරේ අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේන අමතා මෙම ප්‍රශ්නය නිරාකරණය කර දෙන ලෙස ඉල්ලා තිබේ. එහෙත් ඒ වන විටත් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය චූදිත මොහොමඩ් හිෂාම් ජමල්දීන්ව රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබී ඇත. එසේ වුවද, අගවිනිසුරු හරහා ආ නියෝගය මත, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය, නීතියේ කන්‍යාවගේ සියලු රෙදි පිළි උනා දමා තමන් පෙර ගත් තීරණය නැවත වෙනස් කර, මොහොමඩ් හිෂාම් ජමල්දීන්ව මුදාහැරීමට නියෝග කළේය. එයින් ද නොනැවතී ඔහුට පනවා තිබූ විදේශ ගමන් තහනම ද ඉවත් කළේය.

ජනප්‍රිය පුවත්  සූරසේන දිගුව හකුලන ලකුණු !

ඒ අනුව, එම “බෝර්න්-අගේන්” මෙහෙයුමට ආචාරය පුද කරමින් මොහොමඩ් හිෂාම් ජමල්දීන් ඊයේ රාත්‍රියේම කටුනායක ගුවන්තොටු‍පොලෙන් නැවත විදේශගත වී තිබේ.

22 වැනි සංශෝධනය සම්මත වීමට පෙර, බෝර්න් අගේන් ක්‍රිෂාන්ත කුරේලට බෝර්න් අගේන් අගවිනිසුරු හරහා මෙලෙස අධිකරණය නැටවිය හැකි නම්, එය සම්මත වීමෙන් අනතුරුව සිදුවිය හැක්කේ කුමක්දැයි එම අවස්ථාවේ අධිකරණ පරිශ්‍රය තුළ සිටි නීතිඥයෝ එකිනෙකා වෙතින් විමසන්නට වූහ. ඒ.ජේ.එම්. මුසම්මිල් තම පුතාව බේරාදීම වෙනුවෙන් “හලෙලුයා” (දෙවියන්ට ප්‍රශංසා වේවා) යැයි කියමින් ක්‍රිෂාන්ත කුරේ වෙත සිය ස්තූතිය ද ඵල කර ඇති බව අපගේ ආරංචිමාර්ග අණාවරණය කර සිටී.

  • ගැමුණු හේවාමුණි
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x