June 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමාවේ ආරක්ෂක කමිටු සභාපතිගේ බොරළු කැපිල්ල නිසා ගමක්ම උණුසුම් වෙයි..

1 min read

ආසියාවේ විශාලතම සැතපෙන බුදු පිළිමය සහිත විහාරස්ථාන භූමියට සහ අවට පරිසරයට දැඩි හානි සිදුවන අයුරින් සිදුකරන බොරළු කැණීමක් හේතුවෙන් ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බවට සමාජ මාධ්‍ය වීඩියෝවක් මගින් කරුණු අනාවරණය කර තිබේ.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) ආරක්ෂක කමිටු සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකුගේ මූලිකත්වයෙන් මෙම බොරළු කැණීම් කටයුතු සිදුකරන බවයි.

මෙම අක්‍රමවත් පාරිසරික විනාශය හේතුවෙන් විහාරස්ථානයේ ස්ථාන රැසක ඉරි තැලීම් සහ ව්‍යුහාත්මක හානි සිදුව ඇති බව වාර්තා වේ.

ආගමික මෙන්ම ඓතිහාසික වශයෙන් වැදගත් මෙවැනි පූජනීය ස්ථානයකට සහ අවට පරිසරයට සිදුවන විනාශය හමුවේ ප්‍රදේශයේ ජනතාව දැඩි කනස්සල්ලට පත්ව ඇති අතර, බලධාරීන් වහාම මැදිහත් වී මෙම විනාශය නතර කර දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x