June 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආණ්ඩුව අධිකරණය හීලෑ කිරීමේ ක්‍රියාන්විතයක.. – උවිඳු කුරුකුලසූරිය

1 min read

වත්මන් රජය විසින් අධිකරණය තමන්ට අවශ්‍ය පරිදි හීලෑ කරගැනීමේ පැහැදිලි ක්‍රියාන්විතයක් දියත් කර ඇති බවට ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු මෙන්ම ලන්ඩනයේ වෙසෙන මාධ්‍යවේදි උවිඳු කුරුකුලසූරිය මහතා චෝදනාවක් එල්ල කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමිනි.

එම සමාජ මාධ්‍ය සටහන මඟින් උවිඳු කුරුකුලසූරිය මහතා පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් රටේ සමස්ත අධිකරණ පද්ධතියම දැඩි අවදානමකට ලක්ව ඇති බවයි.

“ආණ්ඩුව නිසැක වශයෙන්ම අධිකරණය හීලෑ කරගැනීමේ ක්‍රියාන්විතයක් දියත්කර ඇත. අන් සියළු දේට වඩා එහි ඇති භයානකත්වය නම් අවංක, නිර්භීත හා නීතියට අනුකූලව තීන්දු දෙන විනිසුරන්ගේ තීන්දුවලට ලැබියයුතු ගරුත්වය පවා නොලැබීමය.” යනුවෙන් ඔහු එහි සඳහන් කර තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x