August 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මහර බන්ධනාගාරය පිටතත් නොසන්සුන්

1 min read

මහර බන්ධනාගාර පරිශ්‍රය පිටත නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, බන්ධනාගාරය අසලට පැමිණ සිටින රැඳවියන්ගේ ඥාතීන් සහ ආරක්ෂක අංශ අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා.

වාර්තා වන අන්දමට, බන්ධනාගාරය තුළින් වෙඩි හඬට සමාන ශබ්ද කිහිපයක් ඇසීමත් සමඟ රැඳවියන්ගේ සුවදුක් බැලීමට පැමිණ සිටි ඥාතීන් ආරක්ෂක අංශ මුර බාධක බිඳගෙන ඉදිරියට යාමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේදී ආරක්ෂක අංශ පිරිස පාලනය කිරීමට උත්සාහ දරා ඇති අතර, එහිදී දෙපිරිස අතර යම් උණුසුම්කාරී තත්ත්වයක් හටගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.

තත්ත්වය පාලනය සහ පිරිස විසුරුවා හැරීම සඳහා අවශ්‍ය වුවහොත් ජල ප්‍රහාරක රථ (Water Cannons) ද බන්ධනාගාරය ඉදිරිපිට පරිශ්‍රය වෙත කැඳවීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.

මහර බන්ධනාගාරයේ හටගත් මෙම හදිසි නොසන්සුන්තාව සහ ගොඩනැගිල්ලක ඇති වූ ගින්න හේතුවෙන් එක් රැඳවියෙකු මියගොස් ඇති අතර, තවත් 6 දෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x