September 20, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තොරතුරු සඟවයි ! මහර බන්ධනාගාරයේ සිරකරුවන් 100 කට වඩා මරුට ! රාගම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය !

1 min read

අද පස්වරුවේ ආරම්භ වූ මහර බන්ධනාගාරයේ සිරකරුවන් හා බන්ධනාගාර නිලධාරින් අතරවන ගැටුමෙන් මේ වන විට සිරකරුවන් 100 කට වඩා මරුමුවට පත්ව ඇතැයි අපගේ විශ්වාසකටයුතු ආරංචිමාර්ග වාර්තා කරයි. එමෙන්ම 500 කට අධික සිරකරුවන් ප්‍රමාණයක් තුවාල ලබා ඇත. තුවාල ලැබුවන්ට නිසි ප්‍රතිකාර ලබාදීම සඳහා රෝගල්ගත කිරීමක් සිදු නොවන බව ද වාර්තා වේ. මේ වන විටත් වෙඩි තැබීම අඛණ්ඩව සිදුවන අතර, සිද්ධියේ සැබෑ තොරතුරු පිටතට ගලා ඒම වැලැකීමට බලධාරින් පියවර ගෙන තිබේ. මේ තත්ත්වය තුළ එම බන්ධනාගාරය ඉදිරිපිට රැස්ව සිටින සිරකරුවන්ගේ ඥාතීන් අතර ද නොසන්සුන්තාවක් ඇතිව තිබේ.

මේ අතර තත්වය පාලනය කරගැනීම සදහා සිරගෙය තුළට කදුළු ගෑස් ප්‍රහාරයක්ද මේ වන විට එල්ල කරමින් තිබේ. තතුදත් ආරංචිමාර්ග පවසන්නේ මහර බන්ධනාගාරය වටා ඇති තාප්පය බිද දැමීමටද මේවනවිට සිරකරුවන් උත්සාහ දරමින් සිටින බවයි.

එමෙන්ම මේ වන විට රාගම අවට ප්‍රදේශයට බලපාන පරිදි ඇදිරිනීතිය ද පනවා තිබේ.

මහර බන්ධනාගාරයේ විශාල ගින්නක් හටගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. බන්ධනාගාරය තුළ සිරකරුවන් කළහකාරී ලෙස හැසිරෙන බව ද එහි ආරංචිමාර්ග අප වෙත පවසා සිටී.

ජනප්‍රිය පුවත්  මීළඟට අත් අඩංගුවට ගන්නේ කවුද ?

මේ අතර, තවත් සිරකරුවන් පිරිසක් අඩි 15 ක් උස තහඩුවක් ඉවත් කර, සිරගෙදරින් පැනයාමේ උත්සාහයක නිරතව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි. ප්‍රදේශවාසීන් පවසන්නේ බන්ධනාගාරය තුළින් විශාල කෑ කෝ ගැසීම් පිටතට ඇසෙන බවයි.

බන්ධනාගාරය තුළින් වෙඩි හඩ ඇසෙන බවද ප්‍රදේශවාසීහු පවසති. විශේෂකාර්ය බලකාය සහ පොලීසිය බන්ධනාගාරය පිටත රැදී සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අද (01) පස්වරුවේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවයක් හට ගත්තේය.

වාර්තා වනුවේ හටගත් මෙම නොසන්සුන්තාවය හේතුවෙන් රැදවියෙක් මරණයට පත්ව ඇති අතර 6 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

සිද්ධියෙන් තුවාල ලැබූ රැඳවියන් හත් දෙනෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව සඳහන්ය. ඉන් එක් අයෙකු මෙලෙස මියගොස් ඇත.

තත්ත්වය පාලනය කිරීම සඳහා අතිරේඛ බන්ධනාගාර නිලධාරීන්ද කැඳවා ඇති අතර බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් රැඳවියන් විසින් බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට හා විනය අංශයට ගිනි තබා ඇති අතර ගින්න මැඩපැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.

ජනප්‍රිය පුවත්  අපේ අනාවරණය හරි ! ගෝලීය කොටි හමුවෙන්න ජනපති ප්‍රංශයට !

අද පස්වරුවේ බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා ඥාතීන් මහර බන්ධනාගාරයට පැමිණියද ඔවුන්ට බන්ධනාගාරය තුළට යාමට අවසර හිමිව නොමැත.

ඒ අනුව ඥාතීන් මේ වන විට මහර බන්ධනාගාරය ඉදිරිපිට රැඳී සිටින බවද සඳහන් වේ.

කෙසේ වෙතත් එම ස්ථානයේ රැඳී සිටින ඥාතීන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ බන්ධනාගාරය තුළින් වෙඩි හඬවල් කිහිපයක් ද ඇසුණු බවය.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන තෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.

මේ පිළිබඳ තවත් තොරතුරු ලද විගස එකතු කිරීමට අපි අපේක්ෂා කරමු.

  • රවිදු වීරසිරි
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x